IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සචිත්‍රගේ නිවස බින්ඳ හොරා අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක  සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව  කොට්ටාව පොලිසිය පවසයි.

මෙම සොරකම් ඉකුත් ජුනි 22 දා රාත්‍රි සිදුව තිබුණි.

එහිදී සැකකරු ලැප් ටොප් යන්ත්‍රයක්, ටැබ් 02, වටිනා අත් ඔරලෝසු පහක් ,අත් පලදනා හතරක් , කනේ පළඳින මුදු දෙකක් රුපියල් දස දහසක මුදලක්  සොරාගෙන තිබූ අතර පසුව එම භාණ්ඩ සැකකරුගෙ නිවසේ  තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සමග සොරකම සඳහා භාවිතා කළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර කොට්ටාව තලංගම මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙලද සැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින්නෙකි.

තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන්  කොට්ටාව පොලීසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

සචිත්‍රගේ නිවස බින්ඳ හොරා අත්අඩංගුවට

Niranga Saturday, 13 July 2024 01:51 PM

මහ බැංකුව බිඳපු කෙනාව තමයි අල්ල ගන්න බැරි.. ඒ මොකද?

:       2       13

රනිල් Saturday, 13 July 2024 06:05 PM

මාව ඇල්ලුවොත් පොලිසියට කෝට් ගලවලා තියලා ගෙදර යන්න වෙනවානේ...

:       1       2

shantha Saturday, 13 July 2024 06:02 PM

ඔය පළවෙනි ෆොටෝ එකේ ඉන්න නිල්පාට ෂර්ට් කාරයා නේද? මෙයා එසේ මෙසේ පොරක් නොවෙයි. දවසක් බස් එකකදී මිනිහෙක්ගේ කලිසමේ පිටිපස්සේ පොකට් එක කපද්දී අහුවෙලා ගෑනු ඔක්කොම වටවෙලා නෙළුවා. ඔය හාදයා ජාඇල පැත්තේ ඉන්නේ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site