IMG-LOGO

සචිත‍්‍රගෙන් බිරිඳට දුන් ගීතය පිළිබඳව වැඩි යමක්

2016-06-03-ent-217

‘‘කලකින් දැනුණේ

සතුටක් අහම්බෙන්

හින්දා ඔබගේ

මහමෙර තරම් ආදරේ’’

 

ක‍්‍රිකට් තරුවකට වැඩි කාලයක් තම පවුලේ අය සමඟ රැඳී සිටීමේ අවකාශය ලැබෙන්නෙ නැහැ. ක‍්‍රීඩාවේ හැටි එහෙම තමයි ‘‘සචිත‍්‍ර සේනානායක’’ කියන්නෙ පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට ලැබුණු හොඳ ක‍්‍රිකට් දායාදයක්. විස්සයි - විස්සේ ලෝක කුසලානය දිනූ මොහොතේ ජයග‍්‍රහණය උදෙසා කැපවුණු තවත් දක්ෂයෙකු වූ සචිත‍්‍ර ගැන මේ දිනවල වැඩිදෙනා කතා කරන්නෙ ක‍්‍රිකට් නිසාම නෙවෙයි.

 

‘‘හින්දා ඔබගේ

මහමෙර තරම් ආදරේ’’

ගීතය නිසයි.

 

2016-06-03-ent-216සචිත‍්‍ර මේ තරමටම මහමෙර තරම් වූ ආදරයක් ගැන කියන්නෙ කා වෙනුවෙන්ද? සචිත‍්‍ර ඇයි මේ විදියට ක‍්‍රිකට් පිටියෙන්, සංගීත වේදිකාවට ඒමට සිතුවේ?

ලොකු දුරකට හිතලා කළ දෙයක් නෙවෙයි. කොහොමටත් සංගීතය විෂයය මට පාසල් කාලයේ ඉඳලාම අලූත් දෙයක් වුණේ නැහැ. විෂයයක් ලෙස එය හැදෑරුවා. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි යටතේ පවා හැදෑරුවා. සංගීතයට මම බොහෝම ආසයි. මේ විදියට ගීතයක් නිර්මාණය වුණෙත් ඒ නිසයි.

 

මීට පෙර ඔබගේම ගීත ගයලා තිබුණෙ නැතිද?

නැහැ, මේ තමයි මගේ පළමු ගී නිර්මාණය. මෙවැනි දෙයක් කළෙත් සංගීත ශිල්පී යෂාන්ගේ පෙරැුත්ත නිසයි. ‘‘අපි සිංදුවක් කරමු’’ කියන දේ එයා නිතරම මට කිව්වා.

 

මේ වගේ තේමාවක් ගීතයට තෝරා ගත්තෙ ඇයි?

වෘත්තීය වශයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වූ පසුව ගෙදර කාලය ගතකිරීම අවම වුණා. ඒ විදියට ගෙදර නැතිව ඉඳලා ආපසු ආවාම දැනෙන හැඟීම් වගේම බිරිඳ දුටුවාම ඇතිවන සෙනෙහස යන හැඟීම් අනුව ගීතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තිබුණා.

 

ඒ කියන්නෙ මේ ගීතය ඔබ බිරිඳ වෙනුවෙන් කළ නිර්මාණයක්?

ඇත්තෙන්ම ඔව්. මෙහි රූගත කිරීම් සඳහාත් ඇයම යොදා ගැනීමට සිතා සිටියත්, ඒ සඳහා දින යොදාගත් දිනවල ඇය ගැබ්බර වී සිටියෙ. ඒ නිසා ඇයට දායකවීමට බැරිවුණා. සඳුන් පෙරේරාගේ රචනයකට ෂෙනාල් මද්දුමගේ සංගීතවත් කළා. යෂාන් රූප රචනාව නිෂ්පාදනය කළා.

 

දැන් මේ ගීතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ටික දිනක් ඇතුළතදී ඉතා හොඳ ප‍්‍රතිචාර ඇති බව පෙනෙනවා. ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙසෙන පේ‍්‍රක්ෂකයින් පවා ඒ ගැන කතා කරලා ප‍්‍රතිචාර දැක්වූවා.

 

දැන් මේ එක්කම ඔබ රඟපාන්නත් සූදානම් වෙනවා නේද?

අපෝ ඒක නම් කීයටවත් නොවෙන දෙයක්. ඒක හරිම අමාරු දෙයක්. මේ ගීතය වෙනුවෙන් පෙනී සිටීම අතිශය අමාරු වුණා. ආයෙත් ගී නිර්මාණයක් කළත් මම නම් එහි විෂුවල්ස්වලට පෙනී සිටින්නෙ නැහැ. ඒක ස්ථිරයි. මේ ගීතය සඳහා දවසක්ම රූගත කිරීම් කළ යුතු වුණේ රඟපෑම සඳහා මට ඇති නොහැකියාව නිසයි.

 

දැන් කොහොමද ගෙදර ජීවිතය?

බිරිඳ ඉරේෂා සහ පුතාලා දෙන්නා එක්ක සෙනෙහෙබරව ගෙවෙනවා. මේ ගීතය නිර්මාණය කිරීම සඳහා බිරිඳගෙන් ලැබුණු සහයෝගය හරිම ඉහළයි. එයාට මම දුන්න ගීත ත්‍යාගය තමයි මේ නිර්මාණය.

 

කණ්ඩායමේ යාළුවෝ එහෙම මේ ගැන මොනවද කියන්නෙ?

ලංකාවේ සිටින මගෙ යාළුවෝ මේ ගීතය නරඹලා රසවිඳලා තිබුණා. මීටත් වඩා හොඳට නිර්මාණ කළ හැකි බව කියා එයාලා මාව ධෛර්යවත් කළා.

 

ජාත්‍යන්තර ක‍්‍රිකට්පිටිය හැඩ කරන මේ විදියට ගීත ගයන තවත් තරු සිටිනවා නේද?

ඔස්ටේ‍්‍රලියාවේ බ්‍රෙට් ලී වගේම බටහිර ඉන්දීය කොදෙව් හි බ‍්‍රාවෝ ගී ගැයූ හැටි මම මීට පෙර දැක තිබෙනවා. ඒ හැකියාව තියෙන තවත් බොහෝ ක‍්‍රීඩකයින් ඇති. අපේ ධම්මික ප‍්‍රසාද්, නුවන් කුලසේකරට වගේම තවත් කීපදෙනෙකුටම හොඳින් ගයන්න පුළුවනි.

 

මොන වගේ ගී නිර්මාණ කරන්නද ඔබ වඩා කැමති?

මම එදා ඉඳලාම ආසා කළේ සරල ශාස්ත‍්‍රීය අංශයටයි.

 

කොහොමද ක‍්‍රිකට් ජීවිතය?

බොහොම හොඳින් පුහුණුවීම් කරගෙන යනවා. එංගලන්ත සංචාරය සඳහා එක්දින තරගාවලිය වෙනුවෙන් ඉතා හොඳින් ක‍්‍රීඩා කිරීම තමයි අරමුණ. ඒ වෙනුවෙන් ඉතා මහන්සි වී කැපවෙනවා.

 

සඳුන් ගමගේ 

 

sandalla

 

2016-06-03-ent-218
2016-06-03-ent-215



අදහස් (0)

සචිත‍්‍රගෙන් බිරිඳට දුන් ගීතය පිළිබඳව වැඩි යමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site