කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ් .සී ක්‍රීඩාංගනයේ ඉකුත් දා පැවති ලෝ ප්‍රකට ගායක ශිල්පී එන්රිකේ ඉග්ලීෂියස් ගේ ප්‍රසංගය නැරඹීමට වී.අයි.පී ටිකට්පත් වලට හිමි කිසිදු වරප්‍රසාදයක් නොදීමෙන් සිදුවූ මානසික හා ශාරීරික පීඩාව වෙනුවෙන් රුපියල් දෙකෝටි විසිලක්ෂයක් වන්දියක් වශයෙන් ලබා දෙන්නැයි ඉල්ලා පැවරූ පැමිණිලි දෙක සම්බන්ධයෙන් ලබන අප්‍රේල් 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (02) එම ප්‍රසංගය සංවිධානය කල සමාගමට නොතීසි නිකුත් කළේය.
මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර එම සමාගයේ සම අධ්‍යක්ෂකවරුන්ය.
කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ මෙම පැමිණිල්ල කැඳැවිණි.
නීතීඥ හිෂාන් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ බිරිඳ එම ප්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් අයතනයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළහ.
ඔවුන් ඉකුත් දෙසැම්බර් 20වැනි දා පැවත්වු එම ප්‍රසංගය නැරඹීමට රුපියල් 35000 වි.අයි.පී ටිකට් පත් මිලදී ගත් බවත්,නමුත් ගිවිස ගත් පරිදි එම තමා මිලදී ගත් ටිකට් පතට කිසිදු පහසුකමක් නොලැබු බවත් කියා සිටි.එහිදි යම් යම් අශෝබන සිද්ධී වූ බවත් ඉන් තමන්දැඩි අසහනයට පත් වූ බවද පැමිණිලිකරුවෝ කියති.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගලාගේ සමාගමෙන් දෙකෝටියක් වන්දි ඉල්ලයි
දිලාන් Wednesday, 02 March 2016 12:02 PM
හොද වැඩේ, අසරණ මිනිස්සු බඩගින්නේ, මේ අය මෙච්චර ගණන් දීලා සංදර්ශන බලන්න යනවා . මොන වී ඊ පි සැලකිලිද? (ර)
කලණි විතානගේ Wednesday, 02 March 2016 12:37 PM
ගොම මුට්ටියට කිරි බින්දුවක් වත් වැටිලා නැහැ වගේ.(කෞ)
සෑම් Wednesday, 02 March 2016 02:05 PM
විහිලු (බ)
චන්න බුවනක Wednesday, 02 March 2016 02:11 PM
කතාව ඇත්ත. ලොකු සල්ලියක් ගත්තනම් ඒ පොරොන්දු පහසුකම් දෙන්න ඕනි. (බ)
සුමිත්‍රා බස්නායක Wednesday, 02 March 2016 02:31 PM
කලණි, කිරි කළයට ගොම බින්දුවක් කිව්වනම් නේද හරි.....(අ)
රවී Wednesday, 02 March 2016 02:55 PM
කියක් හරි හම්බ කර ගන්න තියන වෙලාවනේ . ඔය නඩු දාපු අයගෙන් කාටවත් කිසිම් පීඩනයක් වෙන්නේ නැතුව ඇති. (අ)
යසස් Wednesday, 02 March 2016 03:10 PM
රටට අාදර්ශමත් වියයුතු ජනප්‍රිය පුද්ගලයන් මෙිවැනි විකෘති සංදර්ශන පෙන්වා පින්බිමෙි ජනතාව නොමග යැවිම පිලිකුල් සහගත ක්‍රියාවකි මොවුනට දඩුවමි දිය යුතුය. (බ)
ජය Wednesday, 02 March 2016 03:23 PM
35000 රුපියල් දෙකෝටි විසිලක්ෂයක් වන්දියක් ... නරක නැහැ. (ර)
ද සිල්වා Friday, 04 March 2016 08:21 AM
තිබෙන ජනප්‍රියතාව මදිද ? එක එක බහුභූත කරන්නේ ? දැන් විශ්‍රාම ගිය එකේ , ලංකාවේ වැටිලා තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව නග්ගල ගන්න කටයුතු කලොත් අපි ඔබලාට මල් තබා වඳිනවා. (ර)
බමුණු Wednesday, 02 March 2016 04:05 PM
සුමිත්‍රා බස්නායක ඔබට කලණි විතානගේ උපහාසය තේරුම් ගන්නට තරම් බුද්ධියක් නැද්ද. ඉතින් කොහොමද ඔබ මේවගේ පුවත් පතකට අදහස් ලියන්නේ. (බ)
ඉසුරන්දි Wednesday, 02 March 2016 11:08 AM
අනේ මන්දා 35000 ක ටිකට්පතක් ගන්න තරම් මේ අයගේ වත්කම කොහොම වෙන්න ඇත්ද? එහෙම බැලුවොත් රටේ ඇති නැති පරතරය අහසට පොලොව වගේ නේද? (ර)