IMG-LOGO

සීගිරි සිතුවම් සංරක්‍ෂණයට ජාත්‍යන්තර සහය

ජාත්‍යන්තරයේ භාවිතා වන නව රසායනික හා විද්‍යාත්මක ක‍්‍රම යොදාගනිමින් සීගිරි බිතුසිතුවම් සංරක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහය ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.

සීගිරි සිතුවම් සංරක්‍ෂණයට අවශ්‍ය සහය ලබාදීමට යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්‍ෂණය ප‍්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳව අන්තර්ජාතික ආයතනයේ විශේෂඥයෙකු වන වනර් ස්මිත් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

ඔහු අද (05) අධ්‍යාපන අමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     සීගිරි චිත‍්‍ර සංරක්‍ෂණය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගන්නා ලෙස අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර ඒ අනුව ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්‍ෂණය ප‍්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳව අන්තර්ජාතික ආයතනයේ සහය ලබාගෙන තිබේ.

ස්මිත් මහතා විසින් සීගිරි බිතු සිතුවම්වලට අමතරව දඹුලූ ලෙන් විහාර සිතුවම් සංරක්‍ෂණය පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතය.



අදහස් (0)

සීගිරි සිතුවම් සංරක්‍ෂණයට ජාත්‍යන්තර සහය

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 06 September 2016 01:42 AM

ජාත්‍යන්තර සහය ලබාගෙන වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු වූ බිබිලේ දොඩම් වගාව..... කොච්චර හොඳද කිව්වොත් අපි ඕස්ට්‍රේලියාවටත් දොඩම් පටවනවා...... (නි)

:       0       0

හිරාන් Tuesday, 06 September 2016 02:38 AM

අනේ අපේ සිතුවම් ටික! (නි)

:       0       0

සජිත් Tuesday, 06 September 2016 02:49 AM

ඇත්තටම හොඳ දෙයක් (නි)

:       0       0

පීරිස් Tuesday, 06 September 2016 03:02 AM

බලාගෙන! තියෙන ටිකත් අන්තිමට නැතිවෙලා යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 06 September 2016 03:00 AM

ඇත්තටම ඕවා ආරක්ෂා වෙයිද, විනාශ වෙයිද? ඔය තියෙන විදිහට තිබුනොත් හොඳයි (නි)

:       0       0

බටගල Tuesday, 06 September 2016 03:09 AM

ඉතා හොඳ කාලෝචිත ක්‍රියාවක් (නි)

:       0       0

නුවන් - කෑගල්ල Tuesday, 06 September 2016 03:31 AM

කැටපත් පවුරට හානි කල අයට සමාව දීලා රජයේ රස්සාවකුත් දීපු රටේ සිගිරිය ආරක්ෂා කරන්න ජාත්‍යන්තර සහය. (ම)

:       0       0

නුවන් Tuesday, 06 September 2016 04:08 AM

ඒකත් ඉවරයි එකපාරක් ඇවිත් තාර ගෑවා (බ)

:       0       0

නිමන්ත පතිරණ Tuesday, 06 September 2016 04:48 AM

පහුගිය ආණ්ඩුවලිනුත් ප්‍රතිසංස්කරණය කළා හැබැයි වටිනා පුරාවස්තු වැඩිපුර ඇති තැන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site