සිගිරි සිතුවම් ඉහළින් ඉපැරණි බදාම කුට්ටියක් වැනි දෙයක් කඩා වැටේ
සිගිරිය බිතු සිතුවම් ලෙනේ ඉහළ කොටසේ අඩි එකහමාරක පමණ ඉපැරණි බදාම තට්ටුවක් 28 දින අලුයම කඩා වැටි ඇතැයි දැන ගන්නට ඇත.
මෙම බදාම තට්ටුව කඩා වැටීම මාධ්‍යයෙන් සැඟවීමට බලධාරීහු අලුයම කාලයේ දැඩි උත්සාහයක් ගත්හ. බිති සිතුවම් ගුහාව බාර ආරක්ෂක නිලධාරින් සහ ස්ථාන බාර නිලධාරිනියන් ගෙන් මේ පිළිබඳව අප විමසීමේදී ඔවුන් කිවේ කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් කොළඹට කතා කොට විස්තර දැනගන්නා ලෙසද ඔවූහු කීහ. මේ දින වල සීගිරියට මහ වැසි පවතී. බොහෝ පිරිස් ද සීගිරි එති.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීගිරියට තවත් හෙනහුරෙක් පාත්වේ
චාමිකර Tuesday, 29 December 2015 05:10 AM
සීගිරිය කියන්නේ අපේ උරුමය ලොවට පෙන්වන්න තියෙන හොදම සහ පෞරාණික ම සම්පතක්. බලධාරීන්ගේ අවධානය මෙයට වඩා යොමු විය යුතුයි (බ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 29 December 2015 10:25 PM
ඒ කාලෙ නම් ආචාර්ය ලුසියානෝ මරන්සි නමැති ඉතාලි ජාතික ප්‍රවීණයෙක් පැමිණ තීන්ත ගා විනාශ කළ සිතුවම් අපට නැවත ලබාදුන්නා. අනේ! ඒත් ඉතින් අපේ ඉදිරි පරම්පරා වලට මේවා දකින්න ලැබෙන එකක් නැහැ. (නි)
හේවාවිතාරණ Monday, 28 December 2015 08:44 AM
මහාචාර්ය එච්. සී. පී. බෙල් මහත්මයා සිටියා නම් බදාම ටික කඩා වැටෙන්න කලින් එයට සුදුසු පිළියමක් කරනවා (නි)
සේනක Monday, 28 December 2015 09:06 AM
පෞද්ගලික ව්‍යවසායට අයිතිකාරයෙක් ඉන්නවා. නමුත් රාජ්‍ය ව්‍යවසායට අයිතිකාරයෙක් නැහැ. ප්‍රගතිය පිළිබඳ පෙර විමසුම් සහ පසු විමසුම් ඍණ අගයන් මත පිහිටා ඇත. මේ එහි එක් ඍණ පස සරල උදාහරණයකි. අහෝ! සීගිරි කසුම් නම් ලෝක පුජිත කලා කරුවා ට කෙරෙන අපහාසයක තරම. (ම)
චානක Monday, 28 December 2015 09:27 AM
සියලු දේ අනිත්‍යයයි (අ)
අබේරත්න Monday, 28 December 2015 09:41 AM
මම හිතන්නේ "එන්රික්ගේ" බ්රෙසියර් කේස් එකෙන් පස්සේ ජනාධිපති තුමා කියපු "මඩු වලිග" කතාව ඉතිහාසේටම ගිහිල්ල වගේ. එතන ඉඳලම ඔක්කොම වහගෙන එන්ටයි හදන්නේ. (කෞ)
ගමගේ Monday, 28 December 2015 09:41 AM
ස්වභාවික වැස්ස නිසා සිදු වූ දෙයක්නේ... (ර)
සෑම් Monday, 28 December 2015 10:23 AM
වැස්ස ලැබුනේ මේ වසරේ විතරද? අවුරුදු 1500 විතර වැසි වලට නිරාවරණය උනා නේද? මොනවා හරි අපේම අයගේ වැඩ නිසා වෙන්න ඇති (කෞ)