බෙන්තර ප්‍රාදේශිය සභා සභාපතිගෙන් රුපියල් ලක්ෂ පහළොවක අල්ලසක් ගත්තැයි ඇප මත මුදා හැර සිටින වලල්ලාවිට ප්‍රාදේශිය සභා සභාපති උදේනී අතුකෝරල අද (21) ප්‍රාදේශිය සභා රැස්වීමට පැමිණි අවස්ථාවේ සන්ධානයේ විමලසේන අතුකෝරල මහතා හා විපක්ෂය හැර සෙසු සියලු මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින් පිටව ගියහ.
අල්ලස් චෝදනාවක් එල්ල වී ඇති පුද්ගලයකු රැස්වීමට පැමිණිමේ සදාචාරාත්මක ප්‍රශ්නයක් ඇතැයි පිට වී ගිය උප සභාපති නාලක තරංග සමරවික්‍රම ඇතුළු පිරිස කීය. විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනා පැවසුයේ සභාවේ තවතවත් දුෂණ හෙළිකැර ගැනීම සඳහා තමන් රැදී සිටින බවයි.
අධිකරණයේ ඇති ප්‍රශ්නයක් ගැන කතා කිරීම නුසුදුසු බව සභාපති අතුකෝරාල කීවේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සගයෝම වලල්ලාවිට සභාපති වර්ජනය කරති
කොස්තා Wednesday, 21 August 2013 06:38 PM
අපි දැනගෙන හිටියා ඕක වෙන බව. (නි)
රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 21 August 2013 12:28 PM
ආශ්චර්යයක් නේ! (නි)
වසන්ති Wednesday, 21 August 2013 12:33 PM
අනිත් දුෂණයන් එළියට ආවොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොදයි. (නි)
උපාලි Wednesday, 21 August 2013 01:09 PM
'ලෝක පාලක ධර්ම' කියලා කියන්නේ "ලැජ්ජාව සහ භය" කියලා මං අහලා තියෙනවා. එහෙම කියන්න ඇත්තේ වැදගත් හේතු ඇතුව වෙන්න ඇති නේද? අර ජපන් අගමැති කෙනෙකුට අල්ලස් චෝදනා එල්ල වුනා විතරයි, එයා ඉල්ලා අස්වුණා. සමහරු ඉන්නවා ලෝක පාලක ධර්ම වලින් පාලනය වෙන. (ස)
රෝහණ Wednesday, 21 August 2013 11:28 PM
උපාලි මහත්තයෝ, ඒ ජපානයේ සහ ඉස්සර ලංකාවේ හිටපු ඩඩ්ලි මහත්තයා වගේ ශ්‍රේෂ්ට නායකයෝ. දැන් ඉන්නේ දේශපාලන මුදලාලිලා.මේ ගොල්ලෝ ඉල්ලා අස්වෙනවා තියා පැන්නුවත් යන්නේ නැහැ. (නි)
ප්‍රේමදාස Thursday, 22 August 2013 03:05 AM
මෙයා කොහොමත් බොළඳ වැඩ වලට හරි දක්ෂයා . (නි)
ධම්ම Wednesday, 21 August 2013 10:48 AM
සගයන්ගේ කොටස පිලිබඳ ප්‍රශ්නයක් වෙන්නැති! (ස)
අස්මිත් Wednesday, 21 August 2013 11:31 AM
සබාපති සම සමව හරියට කටයුතු නොකළ නිසා යාලුවො ටික තරහ වෙලා ගියා! (නි)