IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සංගක්කාර ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක ‍පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද (11) ලෝක වාර්තාවක් පිහිටවීය.

මෙය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේද නව වාර්තාවක් වන අතර මීට පෙර එක පෙළට ශතක තුනක් ලබාගෙන සංගක්කාර වාර්තාව පිහිටුවා තිබිණි.

අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදී ශතකයක් ලබාගනිමින් ඔහු මේ දස්කම දැක්වීය.

මීට පෙර පකිස්ථානයේ සහීර් අබ්බාස්, සහීඩ් අන්වර්, නවසීලන්තයේ රොස් ටේලර්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් සහ ක්වන්ටම් ඩී.කොක් යන ක්‍රීඩකයන් පිට පිට ශතක තුනක් ලබා තිබුණි.

කුමාර් සංගක්කාර අද තරඟයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකවූ කඩුළු රකින්නා බවටද පත් වෙමින් තවත් ලෝක වාර්තාවක් තැබීමට සමත්විය. ඔහු තරඟ 36 කදී දවාගැනීම් 54කට දායකවී මෙම වාර්තාව පිහිටවීය. මීට පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු කඩුළු රකින්නකුවූ ඇඩම් ගිල්ක්‍රිස්ට් දවාගැනීම් 52 කට දායක වෙමින් වාර්තාව පිහිටුවා තිබුණි.

67081



අදහස් (0)

සංගක්කාර ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි

අසංක Wednesday, 11 March 2015 01:51 PM

ඔබගේ දක්ෂතාවන් අප රටට මහත් ගෞරවයක්.ඔබ වැනි දක්ෂයකු ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමු ගැනීම ලංකාවේ ක්‍රිකට් වලට ලොකු පාඩුවක්.(හේ)

:       0       0

ප්‍රේමරත්න Wednesday, 11 March 2015 01:52 PM

වාර්තා පිට වාර්තා තබන ඔබට ජයවේවා.ඉදිරි තරග වලදීත් ඔබගේ දක්ෂතා අප බලාපොරොත්තු වෙනවා.(හේ)

:       0       0

ලාල් Wednesday, 11 March 2015 01:55 PM

සංගා ඔබට ජයවේවා.ලෝක කුසලානය අපිට දිනා ගැනීමට හැකි වේවා.(හේ)

:       0       0

චමී Thursday, 12 March 2015 03:40 AM

ඔබ වැනි දක්ෂයෙකු අපේ රටට දායාද කල ඔබේ දෙමාපියන්ට පිංසිදු වේවා. ඔබගේ දස්කම් ගැන අපට ඇත්තේ මහත් වූ ආඩම්බරයකි. සංගා ඔබ මේ රටට කල දේ අපමණයි (නදී)

:       0       0

අනුරාධි Saturday, 14 March 2015 07:18 AM

කාටත් පේනවා දැන් අපේ රටේ කොල්ලන් මො වගේ වීරයොද කියලා. ශ්‍රී ලංකාවේ ගෞරවය හැම විටම රැක ගැනීමට ඔබ අැතුලු අපේ කණ්ඩායමට ශක්තිය ධහිරිය ලැබේවා (නදී)

:       0       0

තරූ Wednesday, 11 March 2015 07:44 AM

සුබ පැතුම් සංගා.! ඔබ නියම දක්ෂයෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site