IMG-LOGO

සංඛ යුග ගීතයකට සෙට් වෙලා

2016-06-13-ent-64

2016-06-13-ent-62සිරස සුපර් ස්ටාර් තරු මාවත ආ සුපිරි තරු අතරේ සංඛ දිනෙත්ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ගෙවුණ වසර කිහිපයේදී අලුත්ම ආරේ ගීත රැසක් නිර්මාණය කරමින් ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් සංඛ, මේ දිනවල අලුත් ගීතයක් නිර්මාණය කරමින් සිටිනවා. "හුස්මක් පවා" නම් වූ මෙම ගීතය යුග ගීතයක්. සංඛ සමගින් මෙහි නිරාෂා ඒකනායක ගීත ගායනයෙන් සහාය වී තිබෙනවා. සිය අලුත්ම ගීතය පිළිබඳව සංඛ "සාරවිට" අපිට දැක්වුයේ මෙවැන්නක්.

"හුස්මක් පවා" ගීතය නිර්මාණය කරන්න මූලික අඩිතාලම යෙදුණේ නිරාෂා ඒකනායක. නිරාෂා දැනට ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න කෙනෙක්. ඒත්, නිරාෂා කියන්නෙ අපේ කලා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නෙමෙයි. ස්වර්ණවාහිනියේ විකාශය වුණ "හාට්බීට්" සංගීත වැඩසටහන තමයි නිරාෂා පළමු වතාවට දැක්කේ. එහි නිවේදන කටයුතු සිදු කළේ ඇයයි. ඊට පස්සේ "සඳ ඔබ මගේ" ටෙලි නාට්‍යයේ ඇය රඟපෑවා. නමුත්, 2002 අවුරුද්දේ ඇය විවාහ වෙලා ඇමෙරිකාවේ පදිංචියට ගියා. නිරාෂාගේ සැමියා මගේ හිතවතෙක්. ඔහු නිරාෂා එක්ක ගීතයක් කරමුද කියලා යෝජනාවක් කළා. ඔය විදිහට තමයි "හුස්මක් පවා" ගීතය නිර්මාණය වුණේ. නිරාෂා ලංකාවට ආවාට පස්සෙ තමයි මෙහි පටිගත කිරීම් කටයුතු සිදුවුණේ. දැන් මෙහි ඕඩ්යෝවේ වැඩකටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. නමුත්, නිරාෂාත් මාත් අදහස් කරමින් ඉන්නවා මේ ගීතයට රූප රචනාවකුත් නිර්මාණය කරන්න. මම හිතන්නෙ නිරාෂා ලංකාවෙන් යන්න කලින් ඒ වැඩ ටික සියල්ල අවසන් වේවි කියලා. ඉතින් මගේ ආදරණිය රසික, රසිකාවියන්ට මතක් කරන්න ඕනා මේ ගීතයටත් මගේ අනෙකුත් ගීතවලට දැක්වූ ප්‍රතිචාර ලබා දේවි කියලා."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - සංඛගේ ෆේස්බුක් ගිණුම

 

2016-06-13-ent-63



අදහස් (0)

සංඛ යුග ගීතයකට සෙට් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site