(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩා වැටුණේ 2019 වසරේ අලුත් ආණ්ඩුව පැමිණ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරව යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අලුත් ආණ්ඩුව පැමිණ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇමතිවරුන් හතර දෙනෙක් පත් කළ බව කී සිරිසේන මහතා එවිට ඒ ඇමතිවරු හතර දෙනා හතර පැත්තට අදින්න පටන් ගත් බව සඳහන් කළේය.
එයින් විශාල ආරවුලක් ඇති වු බව කී හිටපු ජනාධිපතිවරයා එවිට ආයතන වල නිලධාරීන්ට තීන්දු තීරණ ගන්න බැරිව ගිය බවද එක එක ඇමතිවරයාට ඕනෑ විදියට වැඩ කරන්න ගොස් සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල අවුලකට පත් වු බව සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය ඇමැති වරයෙක් ලෙස එම අමාත්‍යාංශයේ අගමුල ගැන හොඳ අවබෝධයක් තමාට තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය .
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍ය අවුලේ මුල මෛත්‍රී හෙළිකරයි
gamini Friday, 08 September 2023 04:09 PM
මෙයා සෞඛය ඇමති වෙලා ඉන්න කාලේ බෑනට රස්සාවක් දුන්න ඩ්‍රයිවර් කෙනෙක් විදියට සෞඛය අමාත්‍යංශයෙ . පස්සේ ඩ්‍රයිවර්ට දුන්නා වාහනයක්. කොහොමත් ඩ්‍රයිවර් රස්සාව කරන්න වාහනයක් එපැයි . හරි කියමුකෝ . පස්සේ වාහනේට ඩ්‍රයිවර් කෙනෙක් දුන්නා. දැන් එතකොට බෑනා සෞඛය අමාත්‍යංශෙ කවුද?
ajithFriday, 08 September 2023 05:18 PM
ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩා වැටුණේ දේශපාලන මැදිහත්වීම ඇතිවූ නිසාවෙනි. වෛද්‍යවරුන් විසින් දේශපාලන පක්ෂ සමග සම්බන්ධව කරන්නා වූ උද්ඝෝෂණ සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා මේ වනවිට සෞඛ්‍ය සේවය බිඳවැටී ඇති බවක් පෙනෙන්නට තිබේ...
Aravinda Monarawila Friday, 08 September 2023 04:39 PM
ඇවුල් උනෙ 20219 න් පස්සෙ නොවෙයි 1977 න් පස්සෙ එට පස්සෙ සෞක්ය අමත්යන්ශය වයිඩ්ය සෙනක බිබෙලෙගෙ ප්‍රෙතිපත්තිවලින් බහරවෙල අවුශඩ ජවාරම් කාරයන්ගෙ සාක්කුවට ටරුන එට පස්ස්සෙ පත්වෙච්ච සෞක්ය අමාත්යන්ශයට ආව හම අමතියෙම්ම කලෙ ඖශඩ ජාවාරම්කාරයො එක්ක ඩෙඑල් ඩගෙන ජරාව කවා එකයි. එ නිසා ඔය කාටවත් එ චොඩනාවලින් බෙරෙන්න බැහැ.
Mh Mohan Friday, 08 September 2023 05:08 PM
අරවින්ද, හරියට හරි... ඕවා අපේ ගොන් ඇමැතිලාට තේරෙයිද?
de silva Saturday, 09 September 2023 09:13 AM
මොහාන් මහත්තයා, ඔය ඇමැතිලා ගොන්නු නොවේ, හොඳට හොරකම් කරන්න දන්න බුද්ධිමත් මිනිස්සු... මේ හොරුන්ට ඡන්දෙ දීපු මිනිස්සු තමයි මෝඩයින්...
Demuni de Silva Sunday, 10 September 2023 07:05 AM
අපි ව්‍යවස්ථාදායකයට යවන ඕනෑම නියෝජිතයෙකුගේ මේ සියලු අක්‍රමිකතා, දූෂණ, අක්‍රමිකතාවලට ජනතාව වන අපි වගකිව යුතුයි. ඊළඟ වතාවේ, ආදර්ශමත් සහ උගත් පුද්ගලයින් එවන්න.