(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ නිලධාරිනිය 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් පත් කෙරුණු අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යාංශයේ විමර්ශන අංශයෙන් නිර්දේශයක් නොගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවටදී ඇති නිර්දේශයක් මත මෙම නිලධාරිනිය සියලු චෝදනාවලින් නිදහස් කර ඇති බව විගණන නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් වහාම දෙන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍යය ලොක්කියක් මෙහෙ ඉඳන් විදේශ පුහුණු දීමනාවක් අරගෙන
sam Monday, 06 November 2023 02:36 AM
කාබනික පෝර වල ගුණ කියලා වගා කටයුතු අඩාල කරපු දොස්තරත් ඔය දේම කරලා අහු වුණාට, අදටත් යහතින් ඉන්නේ...!
Bamunuarachchi Monday, 06 November 2023 08:25 PM
කාබනික පොහොර වල ගුණ කියන්න ඔබ නොදන්නවාට ඉස්කෝලේ ගිය කොයි කව්රුත් දන්නවා. දොස්තර කරලා තිබෙන්නේ ඒ ගැන මතක් කර දීමක්. දොස්තර ගේ ඇති වැරද්දක් නැහැ. වැරැද්ද උනේ ගහෙන් ගෙඩි වැටෙන්නා වගේ එක්වරම රසායනික පොහොර නවතා දැමීමයි. ඒ නිසා නොදන්නා මගුල් කථා නොකර ඉන්න. මේ දොස්තර උන්දැ ගෙදර ඉඳන් අතිරේක දීමනා ලබාගෙන කර තිබෙන්නේ වංචාවක් ඒ වංචාව වසා දැමීම ඊටත් වඩා ලොකු වංචාවක්. ඒ නිසා මොවුන් දෙදෙනාට කාශෂ්ප රජු පියාට දුන් දඬුවම දිය යුතුයි.