IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සෞඛ්‍යයේ ඉදිරි කටයුතු කෙරෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට නොවේ

(අංජුල මහික වීරරත්න)

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවද අමාත්‍යවරයා කීය. 

අමාත්‍යවරයා මේ බව කීවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වු විශේෂ සමුළුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමණාකරණ ඒකකයක් ස්ථාපිත කිරිමට අවධානය යොමු කරන බව ද  පැවසීය.

එමෙන්ම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන 4 ජනතාවට ගුණාත්මක සහ තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයිම පිළිබදව වගකීම බාරගත ගත යුතු බව ද දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත් කිරීමට පියවර ගත යුතු බවද පැවසීය.

තවද, පහසුකම් සහිත නවීකරණය කරන ලද විද්‍යාගාරයක් ඉදිරි වසර 5 තුල ඉදිකිරිමට රජය  සැළසුම් කර ඇති බවට  ද සදහන් කළේය.



අදහස් (2)

සෞඛ්‍යයේ ඉදිරි කටයුතු කෙරෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට නොවේ

බුද්දික Wednesday, 25 December 2024 06:27 PM

වෙන්න ඇති. ඒ වගේම ඔහේලාගේ ආණ්ඩු පාලනය කරන්නෙත් රටේ ජනතාවගේ වුවමනාවන්ට කැමැත්තට අනුව නෙවෙයි. ඡන්දෙදී කිව්ව කිසිම දෙයක් මතකත් නැහැ. කයිවාරු ගැහුවාට වැඩ බැහැ. විසිල් ගහපුවා කෙළවරක් නෑ. ඒත් බල්ටි නැහැ...!

:       0       0

Chinthaka Wednesday, 25 December 2024 06:39 PM

පාසල් සංවර්ධන කමිටු කියන්නේ මොනවාද කියලා ඒවායේ හිටපු නිසා දන්නවා. ඒත් රෝහල් කමිටු කියන්නේ මොනවාද කියලා දන්නේ නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site