IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘සිකා‘‘ එන්නේ මදුරුවන්ගෙන් පමණක් නොවේ

මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි මට්ටමට පත්ව ඇති සිකා වෛරසය මදුරුවකුගෙන් පැතිර යන්නේ යැයි විශ්වාස කළ ද එය ලිංගික එක්වීමෙන් ද පැතිර යන බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසයි.

ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ සිකා වෛරසය ශරීරගත වූ රෝගියකු ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමගිනි.

මේ කාන්තාව වෛරසය පැතිර ඇති කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇගේ සැමියා වෙනිසියුලාවේ සංචාරයක නිරතවූ බව ඇමෙරිකා රෝග පාලන ආයතන තහවුරු කරගෙන ඇත.

මදුරුවකුගෙන් පැතිර යන බව සොයාගත් මේ වෛරසය ගැබිණි මවකගේ සිරුරට ඇතුළු වුවහොත් ඇය බිහිකරන දරුවාගේ මොළය අඩුවෙන් වර්ධනය වීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. එවැනි දරුවකුගේ හිස්කබල ද සාපේක්ෂව කුඩා වෙයි.

මේ වන විට රෝගය අමෙරිකාව තුළ ද පැතිර යමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිකා වෛරසය හේතුවෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.

ඕස්ට්‍රේලියාවෙන් ද සිකා වෛරසය ආසාදනය වූ දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් කැරිබියන් දූපත්හි සංචාරයක නිරතව පැමිණි අය බව හෙළි වී ඇත.

මේ වෛරසය මුලින්ම පැතිර ගිය බ්‍ර‍සීලය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට තවත් රටවල් 20ට රෝගය පැතිරගොස් ඇති බවයි.

ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසන පරිදි මේ වෛරසය ලිංගික සංසර්ගයෙන් ද පැතිර යන්නේ නම් එය තවත් වේගයෙන් පැතිරයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

_87908495_gettyimages-506091002 _87953765_c0093043-feeding_mosquito-spl mm

 



අදහස් (0)

‘‘සිකා‘‘ එන්නේ මදුරුවන්ගෙන් පමණක් නොවේ

චින්තක ප්‍රසාද් Wednesday, 03 February 2016 09:25 AM

අපේ රටේ ඔය ලෙඩ හැදුණ දෙසිය ගාණක් ඉන්නවා පාර්ලිමේන්තුවේ (බ)

:       0       0

ඉමේෂ් Wednesday, 03 February 2016 04:22 AM

අපිනම් බය නැහැ. අපේ රටේ මදුරුවෝ කියල නාමයක් නැහැ. මදුරුවා කියන්නේ මොන වගේ සතෙක් ද? (ර)

:       0       0

නුවන් විජේවර්ධන Wednesday, 03 February 2016 04:56 AM

මේ රටේ මදුරුවන් නැති කරන්න දෙන්නෙ නැත්තේ මදුරු දඟර සමාගම්. මදුරුවො නැති වුනොත් එයාලගෙ අලෙවිය පහළ බසිනවා. මීට කලින් ගෙන්වපු මදුරු කීටයින් වනසන බැක්ටීරියාව භාවිතා නොකරන්නේ ඇයි? මෙහෙ අය පරීක්ෂණ පැවැත්වුයේ එම බැක්ටීරියාව සාර්ථකව භාවිතා කිරීම පිළීබදව නොවෙයි...ඒක අපේ රටට ගැළපෙන්නෙ නැහැ කියල ඔප්පු කරන්නයි. (බ)

:       0       0

විජිත් Wednesday, 03 February 2016 03:12 PM

.මේ වෛරසය ලිංගිකව සම්ප්රෙෂනයවන බව 2009 දී සොයාගත්තා. ඒ බ්‍රයන් ෆෝයි කියන විද්‍යාඥයා නිසා.මදුරුවන් දෂ්ටකිරිමන් රෝගය ශරීර ගතවුන ඔහුගෙන් " අනාරක්ෂිත ලිංගික එක්වීම " නිසා ඔහුගේ බිරිඳට වැළඳුනා. මදුරුවෙකුගෙන් පැතිරෙන වයිරසයක් ලිංගිකව තවත් මිනිස් සිරුරකට සම්ප්‍රේෂණය කළ පළමුවැන්නා ලෙස බ්‍රයන් ෆෝයි ඉතිහාසයට එක්වුණා. (බ)

:       0       0

මාගලි ෆොන්සේකා Wednesday, 03 February 2016 06:16 AM

ඩෙංගු වලින් පෝලිමට මැරෙනවා.තාම අපේ ආණ්ඩුවට තාම බැරි උනා එක ඉවරකරගන්න .රටේ ජනතාවට බනිනවා දඩ ගහනවා නගර සභාවෙන් දන්නේ එච්චරයි. (ර)

:       0       0

යසස් Wednesday, 03 February 2016 07:30 AM

රෝගය පැතිරෙන රටවල් වලින් මෙහි පැමිණෙන පුද්ගලයන් පිලිබඳ විමසිලිමත් විය යුතුයි. අපේ රටේ ඩෙංගු තවමත් තියෙන නිසා තවත් කරදරයක් මිනිස්සුන්ට ලැබිය යුතු නැහැ.(ම)

:       0       0

කපිල Thursday, 04 February 2016 03:26 PM

අපේ රටේ අයනම් මොන සීකා ආවත් බය නෑ කියන්නේ.(හේ)

:       0       0

ජනක Wednesday, 03 February 2016 02:58 AM

අපේ රටට මේ මදුරුවෙක් ආවොත් කොහොම හිටීද? අපි කිසිම විදියකින් සුදානමක් නැහැ. මදුරුවෝ හැමතැනම. (නි)

:       0       0

ලලිත් Wednesday, 03 February 2016 03:15 AM

යන විදියට නම් මහපොළොවේ මිනිස් පරපුර යලිත් වානරයාගෙන් පටන්ගනිවී වගේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site