මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හසිදි අභාවය ගැන අසා අතිශයින් ශෝතයටත් කම්පාවටත් පත් වූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති.
බොහෝ කාලයක සිට උන්වහන්සේ ඇසුරු කිරීමටත්, රටේ පොදු කටයුතු වල දී හවුල්ව කටයුතු කිරීමටත් ලැබීම තමා ලද භාග්‍යයක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කරති.
අගදරගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘ශ්‍රී ලංකා දේශයේ පොදු ජන ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න ඉදිරියේ නිහඬව නොසිට තමන් අදහන බුදු දහමේ ඉගැන්වීම්වලට අනුකූලව එඩිතර නායකත්වයකින් කටයුතු කළ අපගේ නාහිමියන් අප දේශයට මහඟු අශිර්වාදයක්ම වූ බව පැහැදිලිය.
එවැනි අවස්ථාවල දී අන්තර් ආගමික සංහිඳියාව තුළ අප සමඟ ද හවුල් වෙමින් ඒ කළ මහඟු සේව අපි අගය කරමු. සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ ආදර්ශමත් ජීවිතය ද අපට ශක්තියක්ම විය. එබැවින් සෝභිත නාහිමිපාණන්ගේ අභාවය ගැන දුක්වන අපි, උන්වහන්සේ කවදත් පැතූ අමා මහ නිවන් සුවය උන්වහන්සේට ලැබේවායි ඉත සිතින් පතා සිටිමු.‘‘
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක්‘ - අගරදගුරු
නිර්මල Monday, 09 November 2015 01:08 AM
උන්වහන්සේ නැතිවීම රටට විශාල පාඩුවක් (නි)
සුපුන් Monday, 09 November 2015 01:25 AM
සෝභිත හිමියන් පැතූ දේශය අපිට කවදා ලැබේද? (නි)