IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සක්විති නඩුව අප්‍රේල් මාසයේ

රුපියල් කෝටි 162 කට අධික තැන්පතු වංචා කළැයි චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ ඇතුළු සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යකෂවරුන් එකොළොස් දෙනා අතුරින් කලින් දිනයට අධිකරණයට නොපැමිණි  කේසර සාමකුමාරට ඇප ප‍්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ඔහු ලබන අපේ‍්‍රල් 27 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.

2006 නොවැම්බර් 01 වැනිදාත් 2008 සැප්තැම්බර් 31 වැනිදාත් අතර කාලයේ  නුගේගොඩදී තැන්පතු මුදල් බාරගැනීම සඳහා සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යකෂවරුන් ලෙස කටයුතු කරමින් රුපියල් 16,28,468,000/- ක් වංචා කිරිමට හෝ වංචා කිරිමට ඉඩහැරීමට කුමන්ත‍්‍රණය කළ බවට 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ, ජේ. ගමගේ කුමාරි අනුරාධිනි, ඩබ්.ඒ. දර්ශණි මධුවන්ති, දිමන්ති සංදීපිකා අධිකාරම්, නීතීඥ ජේ. ඒ. උපේකෂා සංකේතා ජයසුරිය, බී. ඒ. අසිත ප‍්‍රභාත්, නාලක තුෂාර කරුණානායක, චතුරි අප්සරා සරත්චඥ, සිත්රුවන් ධනංජය හේවාගම, චානක සුරේස් සිරිවර්ධන, සහ කේ.බී. කේසර සාමකුමාර සැකකරුවෝය.

මෙම විත්තිකරු මාස පහක පමණ කාලයක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහුට එරෙහිව නිකුත් කොට තිබු වරෙන්තුවක් අනුව රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

 

 

 

 

 



අදහස් (0)

සක්විති නඩුව අප්‍රේල් මාසයේ

රොෂේන්- Tuesday, 23 February 2016 12:41 PM

ගැහැණු උදවිය සැමගේ එකතුවී කර ඇති මේ මංකොල්ලයට තවත් නඩු කුමටද. දඩුවම් දෙන්න ඕනේ මහපාරේ මැද හිටවලා. (හේ)

:       0       0

රොකී Tuesday, 23 February 2016 01:49 PM

මොකටද මෙයා ළඟ මුදල් තැන්පත් කළේ? ඒ නිසානේ මේ හැමදේම (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site