IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සැකය-වෛරය වෙනුවට ප්‍රේමය වපුරමු

(අංජුල මහික වීරරත්න)

එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට රජය දරන උත්සාහයේදී හජ් සැමරුම මහඟු ආශිර්වාදයක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (7) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.

ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ලොව නන් දෙසින් මක්කම නගරය වෙත පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු ආගමිකයන් සමඟද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බව මම දැඩි ව විශ්වාස කරමි. එසේම, ඉන් නිරූපිත කැපවීමේ හා පරිත්‍යාගයේ ජීවන ආදර්ශයෙන් හජ් සැමරුමෙහි මුඛ්‍යාර්ථ සංකේතවත් කෙරේ.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුර ලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණකි. රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් වේ.

හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳ ගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරන බවද මෙහි ලා සිහිපත් කරමි. ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයකි. මෙරට හා ලෝක වාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ට, උතුම් ඊද් - උල්- අල්හා දිනයක් වේවා‘යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි. ඊද් මුබාරක් ...!!!



අදහස් (18)

සැකය-වෛරය වෙනුවට ප්‍රේමය වපුරමු

Samare Saturday, 07 June 2025 09:28 AM

වෛරය අපිට ඉගැන්වූවේත් ඔබගේම අය තමයි සහෝදරයා. 1987-89 කාලයේ වෛරය වැපිරිලා තිබුණේ. ඒ දවස්වල අපි තරුණ ළමයි. දැක්කේ ගෙවල් ගිනිතියනවා ටී56 යොදාගෙන මරනවා වගේ දේ. අන්තිමට අපේ හමුදාවල අයත් අනික් පැත්තට පටන් ගත්තා ඔයාලාගේ අය හමුදාවල අයගේ පවුල් මරා දැමීමට පටන්ගත් නිසා උතුරෙන් අයින් වෙන්න කියලා. ඒ කාලේ ඔයා වගේ කෙනෙක් ඉඳලා ඔය ප්‍රේමය ගැන කිව්වා නම් හරිනේ. දැන් තාම වයිර කරන්නේ ඒ කාලයේ ඔයාලගේ ලොක්කන්ගේ ලණු ගිලපු අයයි. ඒවා දැනුත් පතුරලා දැන් ඉන්න අයව විනාශ කරන අයයි තමයි...

:       2       93

යෝගා Saturday, 07 June 2025 10:16 AM

කුට්ටියේ හැටියටයි ප්‍රේමය. ඒක තමයි දැන් තියරිය. එහෙම නේද?

:       1       85

prasanna Saturday, 07 June 2025 10:27 AM

ඔබතුමා ළඟ නැත්තේ ඕකම තමයි.

:       4       76

උක් ගොවියා. Saturday, 07 June 2025 11:14 AM

අපට දිනෙන් දින ඔබ ගැන සැකය වෛරය වැඩිවේගෙන යනවා මොකද කරන්නේ...?

:       3       66

Harsha Saturday, 07 June 2025 11:57 AM

සැකය වෛරය පතුරුවලා බලයට ඇවිත් කියන කතා...

:       3       62

කල් ගටස් Saturday, 07 June 2025 12:38 PM

ඔබතුමා තමයි ඔකේ මහදැන මුත්තා...

:       1       51

Toni Saturday, 07 June 2025 12:48 PM

අම්මෝ මරු කෙනා බණ කියන්නේ...!

:       2       45

Gavin Saturday, 07 June 2025 12:49 PM

කටින්ද කතා කරන්නේ..?

:       2       45

Navin Saturday, 07 June 2025 12:58 PM

මුහුණත්තහඩුවෙන්ම පචය නිරූපණය වෙයි.

:       1       37

මාලිමාගැත්තා Saturday, 07 June 2025 02:14 PM

අපි බොරුව වපුරා , වෛරය පැළ කරමු. එතකොට මාලිමා ඵලදාව නෙළාගන්න පුළුවන්...!

:       0       44

Aruna Saturday, 07 June 2025 02:38 PM

මීනිස්සු නම් ඒක අතඇරලා කාලයක් ගිහින් දන්නවා. ඒත් ඔයාලා ආයෙත් ඒක අමුණනවා යාපනේට එහෙම ගිහින්...

:       0       29

තෙජ්පරවරුම Saturday, 07 June 2025 02:52 PM

ඇත්ත කතාව නම් මාලිමාව තමයි ඕවා රටේ වපුරුවේ. නැද්ද හා.? ඔබ තුමාටම දැන් වැටහෙනවා නේද ඒක ඕනෑවට වඩා වැඩියි කියලා.

:       0       49

Gamini Saturday, 07 June 2025 04:01 PM

ලැජ්ජා නැතිකම අර මොකක්ද එකටත් වඩා ලොකුයිලු...

:       0       41

Kapila Saturday, 07 June 2025 04:30 PM

හිතාගන්නවත් බැහැ අප්පා. හොඳ ළමයෙක් වෙන්නත් වැඩි කාලයක් යන්නේ නෑ.

:       0       24

de silva Saturday, 07 June 2025 04:42 PM

අපිට සැකයෙන් සහ වෛරයෙන් වැඩක් නැහැ, අර විපක්ෂයේ ඉන්න කාලේ තිබෙනවා කියපු ලිපිගොනු ටික අදාල දෙපාර්තමේන්තුවලට ඉදිරිපත්කර දූෂිතයින්ව නීතිය ඉදිරියට ගෙන එන්න..., එහෙම නොකළොත් අපිට සැකයක් ඇතිවෙනවා ඔබතුමාත් දූශිතයින්ගෙන් අල්ලස් අරගෙන කියලා, එහෙම වුණාම ඔබතුමා ගැනත් වෛරයක් ජනතාවට ඇතිවෙන්න පුළුවන්...

:       13       12

Vimal Sunday, 08 June 2025 12:47 AM

බොරුම කියලා ...

:       0       8

helaya Sunday, 08 June 2025 02:57 PM

චැට් එකේ ඉන්නේ ඔක්කොම ටිකක් හරි පිරිමි කවදාවත් මේවා කියන්න දන්න දේශපාලනය හොයලා බලන්න... කවුද මිනිස්සු මැරුවේ කියලා...

:       16       0

Asanga Tuesday, 10 June 2025 10:43 AM

අනේ මේ කටින්ද ඕක කියන්නේ? තමන්ම ඒ දෙවල් කර කර. මෙයා නම් පුදුම පච විදිල්ලක්නේ විදින්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 599 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1712 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site