IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ස්කයිප් ඔස්සේ ජනපති මැතිව්ස්ට සුබ පතයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට අතරට තේරි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද සුබ පැතීය.

නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු කණ්ඩායම සමග අද (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති සිය සුබ පැතුම් පිරිනැමීය. 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්යය ලංකාවට ලැබේවායිද ප්‍රාර්ථනය කළේය.

සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර සංගක්කාර මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔහුටද ජනපති ස්තුති කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුවූ ගාමිණී දිසානායක මහතාගේ පුත් වත්මන් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාද එම අවස්ථාවට එක්විය.

01 03 04

(ඡායාරූප - සුදත් සිල්වා)

 

 



අදහස් (0)

ස්කයිප් ඔස්සේ ජනපති මැතිව්ස්ට සුබ පතයි

ශිරාන් Monday, 16 March 2015 07:22 AM

ගොඩක් සතුටුයි.මේ පාර අපේ කොල්ලේ කප් එක ගේනවාමයි.(හේ)

:       0       0

සේතන් Sunday, 15 March 2015 04:23 PM

හොඳ වැඩක් (නදී)

:       0       0

පද්මිණි Sunday, 15 March 2015 07:06 PM

මෙසේ කිරීමෙන් ක්‍රීඩකයන්ගේ ධෛර්යය වැඩිවෙනවා (නි)

:       0       0

නිශාන්ත Monday, 16 March 2015 01:56 AM

ඇත්තටම හොඳ දෙයක්! (නි)

:       0       0

ඇලඩින් Monday, 16 March 2015 04:16 AM

ටීම් එක යන්න කලින් උන්ට වචනයකින් සුබ පැතුවේ නෑ. ඉස්සරනම් මුළු ටීම් එකම අරලිය ගහ මැදුරට ගෙනල්ල කෑම වලින් සංග්‍රහ කරලා පිරිත් කියවල යැව්වේ. (නදී)

:       0       0

නන්දික Monday, 16 March 2015 04:46 AM

අපි දැක්ක ටීම් එක අවසන් තරඟෙට ආවම බලන්නත් ගියා . එයාගේ කරුමෙ රට පිටින්ම ගියේ නේ...ද ? එක එකාට කඩේ යන්නේ නැතිව අදහස් දාන්න පුරුදු වුනොත් තමා හොඳ. (ස)

:       0       0

බුද්ධික Monday, 16 March 2015 04:46 AM

ටීම් එක පසුගිය දෙසැම්බර් ඉදල හිටියේ නිව්සීලන්ඩ් වල. වොර්ල්ඩ් කප් පටන් ගත්තේ පෙබරවාරි 14. දැන් තමා සුබපැතුම් ඕන වෙලාව. අපෙනුත් සුබපැතුම් !!! (ස)

:       0       0

තිළිණ කරුණාරත්න Monday, 16 March 2015 05:28 AM

ඇත්තටම හොඳ දෙයක් ජනපතිතුමනි සුබපැතුම් මගේ සිංහ පැටවුන්ට (බ)

:       0       0

සුමනදාස Monday, 16 March 2015 05:33 AM

මේ පාර එහෙනම් කප් එක ගනී නේද නන්දික.(හේ)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 05:38 AM

ලංකාවේ අභිමානයට හදවතින්ම සුභ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site