IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘‘සාක්කි තිබෙද්දී ඇඹිලිපිටි ඝාතකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?‘‘

ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ගැටුමෙන් පසු තරුණයකු මිය යෑම සම්බන්ධයෙන් පොලිසියේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට සාක්කි තිබියදී විමර්ශන රහස් පොලිසියට බාර දුන්නේ ඇයිදැයි සිවිල් සංවිධාන නියෝජිතයෝ අද ප්‍රශ්න කළහ.

මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුහු ඒ බව කීහ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, නීතීඥ ලක්ෂාන් ඩයස්, නීතීඥ උදුල් පේමරත්න, ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූහ. මිය ගිය සුමිත්ගේ බිරිය ද පැමිණ සිටියාය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -

‘තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය මුලින් කිව්වේ රිය අනතුරක් කියලයි. එය මිනී මැරුමක් බව දැන් තහවුරු වෙලා තිබෙනවා. සේයා දැරියගේ ඝාතනය අවස්ථාවේ කිසිදු සාක්කියක් නැතිය පොලිසිය පාසල් සිසුවකු හා එක්දරු පියකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරගෙන පහර දුන්නා. ඇඹිලිපිටිය සිද්ධියෙදි ඇසින් දුටු සාක්කි පවා තිබිය දී සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නේ නෑ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස්පතිට ලබා දුන් වාර්තාවේ පැහැදිලිව තබෙනවා පොලිසියේ ක්‍රියාකරකම් නිසා තමයි සුමිත් මියගියේ කියා. ඒ වගේම පොලිසිය සත්‍ය තත්ත්වය විකෘති කර තිබෙන බවත් එහි සඳහන් වෙනවා.

පොලිසිය මේ ඝාතනයට සම්බන්ධ බවට සාක්කි ලැබෙද්දි පොලිසිය විමර්ශන රහස් පොලිසියට පැවරුවා. අවසන් මොහොතේ ඇයි රහස් පොලිසියට පැවරුවේ.? ආණ්ඩුව මේ සිද්ධිය ගැන ප්‍රකාශයක් කළ යුතුයි.‘



අදහස් (0)

‘‘සාක්කි තිබෙද්දී ඇඹිලිපිටි ඝාතකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි?‘‘

හේමන්ත Monday, 25 January 2016 12:17 PM

මේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙයි. බලාගෙන ඉන්න.(හේ)

:       0       0

හේමන්ත Monday, 25 January 2016 12:11 PM

බලන් ඉමු මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

විදර්ශන Monday, 25 January 2016 12:17 PM

සාක්කි තියෙද්දී ඇයි මේ පොලිසියේ අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න නොකරන්නේ.(හේ)

:       0       0

සම්පත් Monday, 25 January 2016 12:17 PM

මේකද මේ වෙලා තියෙන්නේ.(හේ)

:       0       0

හේමන්ත Monday, 25 January 2016 12:17 PM

මෙය පොලිසියට ලොකු කැලලක්.(හේ)

:       0       0

හරිත් Monday, 25 January 2016 12:17 PM

ඇයි සාක්කිත් තියෙනවා නම් සැකකරුවන් නීතිය හමුවට ගෙන්නේ නැත්තේ.(හේ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 26 January 2016 02:16 AM

සාක්කි තිබෙද්දී ඇඹිලිපිටි ඝාතකයන් අත්අඩංගුවට නොගන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 25 January 2016 03:02 PM

මේක ගැන කතාකරන්කොටත් ඇගේ ලේ පිච්චෙනවා.කාගේ බලයක්ද මේ රජ කරන්නේ. අහිංසකයෙක් දෙනෝදාහක් ඉදිරියේ මරල දාල. ඇහින් දුටු සාක්ෂි තිබියදී , නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි හේතුව මොකක්ද. (ර)

:       0       0

කපිල Monday, 25 January 2016 03:24 PM

ඇත්තටම ඔය නීතිඥ මහත්තයට මොලේ අමාරුවක්ද.මේක කළේ පොලිසියනේ.කපුවා දේවාලේ පැහැරුවාට ගද ගහන්නේ නැහැ කියනවනේ. (බ)

:       0       0

අජිත් ගුණසේකර Monday, 25 January 2016 11:29 AM

නීතිය සැමට එක හා සමාන නෑ. මේක තමයි යහපාලනය (බ)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 25 January 2016 11:40 AM

එහෙම අත්අඩංගුවට ගත්තොත් ලංකාවේ සම්ප්‍රදාය බිඳ වැටෙනවනේ, සාක්කි නැතුව ගන්න එකනේ ක්‍රමේ (බ)

:       0       0

සදුන් Monday, 25 January 2016 11:46 AM

දේශපාලන බල අධිකාරිය නිසයි.(හේ)

:       0       0

අර්නෙස්ටෝ Monday, 25 January 2016 07:40 PM

වගකිවයුත්තන් ඇයි මේ ගැන නිශ්ශබ්ද? (නි)

:       0       0

දුමින්ද Monday, 25 January 2016 12:17 PM

යහපාලනයනේ.(හේ)

:       0       0

සම්පත් Monday, 25 January 2016 12:17 PM

අපිට මේ වගේ දෙයක් වුණාමත් ඔය වගේම තියෙයි.(හේ)

:       0       0

ශමින්ද Monday, 25 January 2016 12:11 PM

කාලය මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙයි. ඉන්නකෝ ටිකක් ඉවසලා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site