IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු

(ගයාන් සූරියඅරච්චි)

මිනී මැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධානාගර කර සිටින සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම සදහා මහේස්ත්‍රාත්වරයාට මුදල් ලබාදිය යුතු බව පවසා කාන්තාවන් තිදෙනකුගෙන් රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව කියන කලවංචිකුඩි මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලවංචිකුඩි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පසුව පොරොන්දු වූ පරිදි උසාවි දිනයේදී රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප නොලැබීම හේතුවෙන් එම කාන්තාවන් තිදෙනා නඩු විභාග අවසන්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඒ බව විමසා ඇති අතර සැකකාර කොස්තාපල්වරයා රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව ද එම කාන්තාවන් මහේස්ත්‍රාත්වරයාට පවසා ඇති බව පොලිසිය කියයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඒ බව පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයාට සහ අල්ලස් ලබාදුන් කාන්තාවන් තිදෙනාට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට බාර දෙන බව ද පොලිසිය පවසයි.

 



අදහස් (0)

සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site