IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිඅයිඩී ඉල්ලිම ඉවතට

මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරියගේ ආදායම් බදු වාර්තා ලබා ගැනිමට රහස් පොලිසිය කළ ඉල්ලිම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් පාකිස්තානයේ අත්අඩංගුවට  ගෙන ශ්‍රී ලංකාවට  ගෙන ආවේ කුඩු නඩුවකින් පෝරකයන් නියම වු සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා උසාවියට  කළ පාපොච්චාරයක් අනුවය. එතැන් සිට ඔහු මාස අටක් රිමාන්ඩ් බාරයේ සිටියි.

සිද්ධික් හා ඔහුගේ බිරියගේ සමාගමක ආදායම් බදු වාර්තා ලබා දෙන්නැයි සිඅයිඩී ඉල්ලා සිටියේය‍.

අපරාධ මගින් උපයා ගත් මුදල් වෙනත් ව්‍යාපාර වල ආයෝජනය කිරිමෙන් මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතත් මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැත.

ඔහුගේ ආදායම් බදු වාර්තා රහස් පොලිසියට දිමෙන් ආදායම් බදු පනත උල්ලංඝණය වන බවට  මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. නඩුව ලබන 5 වැනි දා ට කල් තැබිණි.

IMG_6905 IMG_6907



අදහස් (0)

සිඅයිඩී ඉල්ලිම ඉවතට

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 04:27 PM

තරුණයින්ට, ඔවුන්ගේ දෙමාපියන්ට ගින්දර දීලා හොයන සල්ලි මොකටද? (නි)

:       0       0

ටුෂාන් Wednesday, 23 December 2015 05:06 PM

මටත් හිතාගන්න බැහැ මේ සිද්ධවෙන දේවල් ගැන කිසිම දෙයක් (නි)

:       0       0

රුවන් Wednesday, 23 December 2015 06:16 PM

පනතට සංශෝධන වගන්තියක් ග‍ෙනෙමුද මේ වගේ වෙලාවට පාවිච්චි කරන්න? (නි)

:       0       0

කොස්වත්ත Wednesday, 23 December 2015 06:19 PM

අපි ඉතින් මොනවා කියන්නද? කරන්නද? (නි)

:       0       0

විජිත් Wednesday, 23 December 2015 06:20 PM

මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතත් මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැත. එසේනම් චෝදනාවක් නැතුව මෙසේ අත් අඩංගුවට ගතහැකිද? චෝදනාවක් නැති මිනිසෙකුගේ බැංකු වාර්තා පරික්ෂා කරන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්න නීතිය හා ගැටෙන නිසා වෙන්න පුළුවන් ගරු අධිකරණය මේ තීරණය ගත්තේ.මේ වගේම දෙයක් තමයි අර දේශපාලුවෙක් ඩුබායි බැංකුවේ සඟවා ඇතැයි කියන මුදල් වලටත් සිදුවුයේ. ලැජ්ජයි...ඇත්තටම ලැජ්ජයි.. (නි)

:       0       0

රණසිංහ Wednesday, 23 December 2015 06:27 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

රොක්සි Thursday, 24 December 2015 02:05 AM

කුඩු ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි අනාගතයේදී නීතිය සංශෝධනය කෙරුනත් පුදුමවෙන්න හේතුවක් නැහැ. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 23 December 2015 01:37 PM

එතකොට මත්ද්‍රව්‍ය ගෙනෙන එකෙන් වන අයහපතට මොකද වෙන්නේ? (නි)

:       0       0

ගයාන් Wednesday, 23 December 2015 02:31 PM

ඔන්න අපේ රටේ නීතිය! (නි)

:       0       0

පෙරේරා Wednesday, 23 December 2015 02:59 PM

ඒක පස්සේ බලමු, තව අපරාධ හොයන්න එපායැ (නි)

:       0       0

සජිත් Wednesday, 23 December 2015 03:14 PM

සල්ලි වලට මැරිච්ච මිනිහත් දිව දික්කරනවා කියලා කතාවක් අපි අසා තිබෙනවා (නි)

:       0       0

රංග Wednesday, 23 December 2015 03:21 PM

මිනිසෙකුට කිවිසුමක් ගියද හිරේ දමන අපේ උසාවිය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site