IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ෂාෆ්ටර්ගේ වෛද්‍ය වාර්තා පරස්පරයි‘‘

(නිමන්ති රණසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වන වෛද්‍ය වාර්තා පරස්පර වීරෝධී බවත් එහෙයින් ඒවා පිළිගත නොහැකි බවත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (09) ප්‍රකාශ කළේය.

මෙම මරණය සිදුවී දිනකට පසු එනම් දෙසැම්බර් මස 16 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා මරණය සම්බන්ධයෙන් වන කෙටි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ, ‘තන්තුවකින් ගෙල සිර කිරීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බව ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව මරණයට හේතුව සදහන් සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ‘තන්තුවකින් ගෙල සිර කර ගැනීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බව’ යන්න ජනාධිපති නිතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සකස් කිරීමේදී මරණයට හේතුව වෙනස් වන බවත්, එහිදී ඔහු සදහන් කර ඇත්තේ සයනයිඩ් වස කෑම සමග මිශ්‍ර වූ බවට ඔහු මතකයක් ප්‍රකාශ කර ඇති බවත්ය.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා දෙන අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා වෙනත් හේතුවක් මත ඉකුත් දෙසැම්බර් මස 22 වැනිදා සිට මාස 08ක කාලයක් සදහා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් කරනු ලැබූ අයෙක් බව ද ජනාධිපති නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (09) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මරණකරුගේ ඥාතීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (4)

‘‘ෂාෆ්ටර්ගේ වෛද්‍ය වාර්තා පරස්පරයි‘‘

චන්දන Thursday, 09 February 2023 08:21 PM

හැමෝගෙම සැකයට තුඩු දෙන කෙනා මේකට වගකිවයුතු බව දැං නම් හිතෙනවා.

:       0       1

susantha Friday, 10 February 2023 12:23 AM

පොලිසිය අකුරටම රාජකාරි කරලා තියනවා

:       1       3

Sunil Friday, 10 February 2023 06:54 AM

ආරම්භයේ සිටම මේ විමර්ශන සිදුවූ අයුරු ප්‍රශ්න සහගතයි .මෙයත් තවත් නොවිසඳුණු ඝාතනයක් වෙයි

:       0       5

sharm warn Friday, 10 February 2023 09:28 AM

මෙච්චරම මේක නොමග යවන්න හදනවා නම් ,එයින් ගම්‍ය වෙන්නේ මේ අපරාධය පිටුපස සුපුරුදු ලේ තැවරුණු අත් ගැවසෙන බව නොවේද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site