IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා බඳවාගෙන ඇත්තේ සම්මත ක්‍රමවේදයෙන් බැහැරවයි

තරිදු ජයවර්ධන
 
අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු අධ්‍යක්ෂ තනතුර සඳහා කර්නල් මංජුල කාරියවසම් මහතා බඳවා ගත්තේ සම්මූඛ පරීක්ෂණ සම්බන්ධයෙන් ගැසට්පත්‍රයේ පළ කිරීමෙන් හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීමකින් තොරව බව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ විමසීමකදී අනාවරණය වෙයි.

 
එම තනතුර සඳහා සුදුස්සකු තෝරා පත් කර ගැනීමට අදාළ දැන්වීම ආයතන පහක දැන්වීම් පුවරුවල පමණක් ප්‍රදර්ශනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ බව ද, අදාළ සම්මූඛ පරීක්ෂණයට සහභාගී වී ඇත්තේ කර්නල් මජුල කාරියවසම් මහතා සහ කේ ඩබ්ලිව් මිහාල් සෝමවර්ධන නම් දෙදෙනකු පමණක් බව ද  අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
 
අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කළේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ පැවැති අභියාචනා විභාගයකදීය. අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු) තනතුර සඳහා නිලධාරියකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලූ තොරතුරු ලබා නොදීම ගැන එම අභියාචනා විභාගය පැවැත්විණි.
 
එම තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් සකස් කරන ලද ක්‍රමවේදය 2017 ජුනි 22 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එවා ඇති අතර 2017 ජූලි 03 වැනි දා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් එය අනුමත කර යළිත් අමාත්‍යංශයට යවා තිබේ. එහි සඳහන් වන්නේ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් හෝ ප්‍රසිද්ධ දැන්වීම් පළකිරීමෙන් හෝ වෙබ් අඩවියේ පළ කිරීම මඟින් අයදුම්පත් කැඳවිය යුතු බවයි.   නමුත් අධ්‍යාපන අමාත්‍යංශය අයදුම් පත් කැඳවා ඇත්තේ අදාළ දැන්වීම ආයතන පහක දැන්වීම් පුවරුවල පළ කිරීමෙන් පමණක් බව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ දී හෙළිදරව් විය.
 
මෙම තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට අදාල දැන්වීම් තම ආයතනයේ දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කරන ලෙස 2017 ජූලි 21 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ (පාලන හා මුදල්) අත්සනින් ඉල්ලීමක් කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන්, ජනකලා කේන්ද්‍රයේ අධ්‍යක්ෂගෙන්, කඩුවෙල ප්‍රාදේශීය ලේකම්ගෙන්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්ගෙන් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) යන ආයතන ප්‍රධානීන්ගෙන්ය. තනතුරට දැනට බඳවා ගෙන සිටින පුද්ගලයා මෙම ආයතන එකක්වත් නියෝජනය නොකරන බව ගුරු සංගම් පවසයි.

අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන සංවර්ධන හා පුහුණු) තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා කාලය වසර තුනකි. 

 



අදහස් (4)

ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා බඳවාගෙන ඇත්තේ සම්මත ක්‍රමවේදයෙන් බැහැරවයි

කරු Tuesday, 04 December 2018 08:53 PM

මෙන්න යහපාලනය ගේනවා කියන ඇමතිවරුන්ගේ ක්‍රියාකාලාපය. මෙම මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ ලේකම් නේද? වගකීම් විරහිත ලෙස හිතවතුන් මෙම උසස් තනතුරට පත් කර අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හෑල්ලූ කලේ මෙම මන්ත්‍රී (හිටපු අධ්‍යාපන ඇමති) ගේ යහපාලන ක්‍රියාදාමය නේද?

:       13       6

චමින්දThursday, 06 December 2018 04:42 AM

කරු මෙය මේ රටේ ජනතාවගේ කරුමෙ මේ කරුම තත්වය 1970 න් පසුව ඇතිවුණේ. එතෙක් සුදුස්සාට සුදුසුතැන තිබුණා. ඩඩ්ලි මැතිදුගේ පරාජයෙන් පසු මේ කරුමය අතිවුණා ..............

:       0       0

Cisco Wednesday, 05 December 2018 03:01 AM

කොහොමද අකටයුතුකම්?

:       0       3

sudda Wednesday, 05 December 2018 05:29 AM

මෙය අකිලගේ නෑයෙක්ද? යාලුවෙක්ද? කියල ඔය පත්වීම දෙනකොටත් කතාවක් ගියා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site