(යොහාන් භාසුර)
බංග්ලාදෛ්ශ පිලට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් සිවුදෙනෙක් ඇතුළත්ව සිටිති.
කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිල් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග යන තුන් ඉරියව් ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
මෙම තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන ජූලි මස 2 වැනිදා සහ 5 වැනිදා පැවැත්වීමට නියමිත අතර තුන්වැනි සහ අවසන් තරගය මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ජූලි මස 8 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිල් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක (ශාරීරික යෝග්‍යතාව මත) ඩිල්ෂාන් මධුසංඛ, අසිත ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලංකා එක්දින සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩකයන් 4ක්