උසාවි එන විට ශිෂ්ට සමිපන්න ඇදුමින් සැරැසී එන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මතාගේ දියණිය හිරුණිකාට අද අවවාද කළාය.
හිරුණිකා ලා රෝස පාට ලිනන් කුර්තාවක් හා කලිසමක් ඇඳ සිටියාය.
බොරුල්ලේ කිංසි පාරේ ව්‍යාපාරික ස්ථානයකට බලෙන් ඇතුළු වී ව්‍යාපාරිකයාට තර්ජන කළැයි ඇය අතුළු සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කළාය.
කසුන් සම්පත් , නිලූක දර්ශන, මුදිත ආර් බණ්ඩාර හා චමිල ප්‍රියංකර ද රුපියල් ලක්ෂ දෙක බැගින් වු ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත් සමථ මණ්ඩල වාර්තාව ලබන ජුලි 31 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ශිෂ්ට ඇඳුමින් උසාවි එන්න‘
මුතු Wednesday, 27 March 2013 06:55 PM
උසාවි එන විට ශිෂ්ට සමිපන්න ඇදුමින් සැරැසී එන්න ඉගෙන ගන්න (දී)
අරුණ Wednesday, 27 March 2013 07:06 PM
අධිකරණයට යන විට සුදු විතරක් අදින්න කාන්තාවන් , සාරියනම් වඩාත් හොදයි (දී)
සෑම් Thursday, 28 March 2013 04:26 PM
හැමෝම උසාවියට ඇහුම්කන් නොදී හිරුණිකාගෙ ලස්සන බල බලා හිටියද දන්නෙ නැහැ. (නි)
ගයාන් Thursday, 28 March 2013 09:52 AM
මැස්සෙක් ගිය උඩ?(නදී)
ගුණතිලක Thursday, 28 March 2013 09:48 AM
නීතියට ගරු කරන්න අධිකරණයටද ගරු කරයි (දී)
දර්ශන Wednesday, 27 March 2013 07:26 PM
ශිෂ්ට සම්පන්න නැද්ද කුර්තාවක්. කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වගේ වෙනවා කියන්නේ ඕවට තමයි.(නදී)
සකු Thursday, 28 March 2013 09:49 AM
මොකද්ද මේ ළමයාට මේ දවස් වල වෙලා තියෙන්නේ (දී)
නෆීක් Thursday, 28 March 2013 09:56 AM
දෙයියෝ සාක්කි (දී)
ප්‍රභා Wednesday, 27 March 2013 07:22 PM
කාට හරි මට ශිෂ්ඨ කියන එකට නිර්වචනයක් දෙන්න පුලුවන්ද?(නදී)
පෙරේරා Wednesday, 27 March 2013 07:32 PM
උසාවියේ පෙනී සිටින ආකාරය ගැන ඇය දැනුවත් වියයුතුයි. (නි)
අනුත්තරා Tuesday, 02 April 2013 12:28 PM
අධිකරණ නීති වලට අනුකුලව වැඩ කරන්න (දී)
රත්න Wednesday, 27 March 2013 07:28 PM
මොකක්ද හාන්දුරුවනේ කුර්තාවෙයි කලිසමෙයි තියන වැරැද්ද? (නි)
ආදිත්‍ය Thursday, 28 March 2013 10:06 AM
පින්තුරයක් අවශ්‍යයි (දී)
ජගත් Wednesday, 27 March 2013 07:38 PM
හිරුනිකා, ඊළඟ පාර ශිෂ්ට සම්පන්න විදියට එන්න. (නි)
චන්ද්‍රා Friday, 29 March 2013 01:44 AM
එතකොට ආදි වාසී පොරමොලා වන්නියලැඇත්තෝ?? (නි)
ප්‍රදීපා Thursday, 28 March 2013 04:52 PM
කරුණා හරි, අපේ රටේ නීතිය සැමට සාදාරන නැහැ. හිරුනිකා ඇඳගෙන ඇවිත් තිබුන ඇඳුම මටනම් කිසිම අසංවර කමක් පෙන්න නැහැ. හැමෝම සාරී ඇඳගෙන එන්න ඕනේ කියලා නීතියක් නැහැනේ නේද? (නදී)
උපුල් Thursday, 28 March 2013 10:18 AM
මේ සිදුවීම් ආදර්ශයට ගන්න (දී)
සහන් Wednesday, 27 March 2013 08:32 PM
ඉතා දැඩි ඉල්ලීමක් (දී)
රෝසි Wednesday, 27 March 2013 08:38 PM
දුවේ මේ දවස් ටිකේ පරිස්සමෙන් වැඩ කරන්න ටිකක් හොද නැහැ වගේ (දී)
නන්දන Wednesday, 27 March 2013 08:46 PM
ඔච්චර එකේ තේරුනේ නැද්ද ඇඳුම ගැන (දී)
හේමන්ත Wednesday, 03 April 2013 12:04 PM
දේශපාලනයට ලාබාල චරිතයක් (දී)
සහන Wednesday, 27 March 2013 08:48 PM
මදැයි වෙච්ච දේ (දී)
නිමල් Friday, 29 March 2013 04:01 AM
හිරුණිකා නීති ශිෂ්‍යාවක්. උසාවියට ඇදගෙන එන ඇදුම ගැන ඇයට අවබෝධයක් නැද්ද?(නදී)
බණ්ඩාර Thursday, 28 March 2013 05:14 PM
මේක එහෙම අසංවර ඇදුමක් නෙමෙයිනෙ..!(නු)
කුමාර Wednesday, 27 March 2013 09:03 PM
අයියෝ සල්ලි (දී)
චින්තන Monday, 01 April 2013 11:06 AM
උසාවියට එද්දි අදින්න ඕන ඇදුම් ගැන ජනතාව දැනුම්වත් කරන ලිපියක් පත්තරේ පලකරන්න. කොන්ඩය බදින්න ඕන විදිහත් ඒ ලිපියේ පලකරන්න.(නදී)
චන්දිම Thursday, 28 March 2013 11:11 AM
එහෙමනම් ඉතින් ඇදුමට ප්‍රමිතියක් නියම කරන්න ඕනෑ. (නි)
ඩේවිඩි Friday, 29 March 2013 02:32 PM
අත් දිග රෝස පාට හැටිටයක් ඇදලා කලිසමක් ඇදලා. අග විනිසුරුවරියත් පහුගිය දවසක මම දැක්කා ඒ වගේ ඇදලා ඉන්නවා.(නදී)
නිමල් Wednesday, 27 March 2013 09:24 PM
මොනවා වුණත් හිරුනිකා හරි ලස්සනයි. (නි)
මහේෂ් Thursday, 28 March 2013 11:21 AM
ළමයිනේ, මෙතන ශිෂ්ට සමිපන්න නොවෙන්නේ රෙදි වර්ගය. (නි)
උදේශ් Wednesday, 27 March 2013 09:29 PM
මෙතුමියට මේ දවස්වල ටිකක් අපලයි (දී)
බෝපේ Saturday, 30 March 2013 05:56 PM
අයියෝ හිරුනිකා
දිලිනි Wednesday, 27 March 2013 09:37 PM
නීතියේ සාධාරණය අනුව හිරුනිකාගේ තාත්තා මරපු අයට ඉක්මණින් දඩුවම් ලැබිය යුතුයි. (නි)
සමරේ Wednesday, 27 March 2013 09:42 PM
ෆොටෝ එකක් බලන්නේ නැතුව නම් කියන්න බැහැ තමයි. ඒ වුණාට කාන්තාවක් කලිසමක් ඇඳගෙනනේ ඇවිත් තියෙන්නේ?? (නි)
හේරත් Thursday, 28 March 2013 05:54 PM
මෙතන අදහස් දමන අයට අමතක උනාද අධිකරණයේ ගෞරවය තියෙන්නේ දෙන තීන්දු වල කියලා. මිනීමරුවන් මහජන මුදලින් බුදු සැප විදිනවා ඒවට මොනවද කියන්නේ.(නදී)
සනත් Wednesday, 27 March 2013 09:50 PM
හිරුනිකා ගැන මේ දවස් ටිකේම කතා උනා නේද (දී)
තිලක්-ඩුබායි Thursday, 28 March 2013 06:03 PM
හිරුණිකා තියන්නේ අවංකවම අරාබි ගැහැණියක් හා සමාන රූප සමිපත්තියක් තියෙන ලස්සන කෙල්ලෙක්.(නදී)
චන්ද්‍රා Monday, 01 April 2013 03:31 AM
හිරුණිකාටත් මූලික ප්‍රජා අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවනේ. (නි)
විමුක්ති Thursday, 28 March 2013 05:57 PM
බලමුකෝ අධිකරණයේ ගෞරවය රැකෙන විදියට තීන්දු තීරණ දීලා නීතිය ක්‍රියාත්මක වේවිද කියලා.(නදී)
රංජිත් Wednesday, 27 March 2013 10:06 PM
නොදන්නා කමටයි අහන්නේ, මේ අඩුම නරක අදුමක්ද (දී)
මේනක Wednesday, 27 March 2013 10:06 PM
මොනවා වුණත් ලස්සන කෙල්ල... (නි)
ප්‍රවීනා Thursday, 28 March 2013 12:09 PM
මොනවා කරන්නද ඉතින් (දී)
ප්‍රෙමචන්ද්‍ර Friday, 29 March 2013 03:17 PM
මම නම් ඒ ඇදුමට ආසයි. මම දැක්ක විදියට එයා ඇවිත් හිටියේ ලස්සන ඇදුමක් දාලා.(නදී)
සරසි Sunday, 31 March 2013 09:41 AM
මෙයා පහුගිය කාලේ ඇදපු සුදු සාරියටයි අඩපු කදුලුවලටයි මොකද වුනේ.(නදී)
ගමා Wednesday, 27 March 2013 10:23 PM
පියාගෙ නමටත් හොද මදි නේද ? (නි)
සමන් Wednesday, 27 March 2013 10:30 PM
මගේ කමිසයේ උඩම බොත්තම දාල තිබුනේ නැහැ කියලා දවසක් මමත් බැණුම් ඇහුවා. (නි)
සුමිත්‍රා Friday, 29 March 2013 03:32 PM
මොකාද්ද ඇත්තට ඒ ඇඳුම (දී)
ශාන්ත Wednesday, 27 March 2013 10:31 PM
අධිකරණයේ මතය අපිට පිලි ගන්න වෙනවා (දී)
සුමේධ Friday, 29 March 2013 03:34 PM
රත්තරන් දුවේ,ඔයාගේ තාත්තාගේ මරණය සාදාරණය ඉෂ්ට කරන තුරු අපිත් බලන් ඉන්නවා.(නදී)
ෂෙහාන් Wednesday, 27 March 2013 10:40 PM
අයියෝ හොද ඇදුමක් ඇදන් එන්න එපායෑ (දී)
ෂෙහාන් Wednesday, 27 March 2013 10:49 PM
මමත් අනුමත කරනවා අධිකරණයේ මතය (දී)
සුනිල් Wednesday, 27 March 2013 10:51 PM
ඇත්තනේ කතාව (දී)
අංජන කුමාර Thursday, 28 March 2013 12:53 PM
කතාව ඇත්ත
සේරම් Thursday, 28 March 2013 07:12 PM
මම හිරුණිකාගේ තාත්තගේ හොද යාළුවෙක්. මම හිරුණිකා ගැනත් දන්නවා. (නි)
ප්‍රනාන්දු Wednesday, 27 March 2013 11:40 PM
උසාවියට ඇදගෙන ඉන්න සුදුසු සුදු වගේ චාම් පාට නේද? (නි)
අසංක Wednesday, 27 March 2013 11:40 PM
ඒ අදුම උසාවියකට සුදුසු නැහැ (දී)
රෙක්ස් Thursday, 28 March 2013 12:06 AM
හැැබයි පාකිස්ථානු කාන්තාවන්ට නම් මේ නීතිය ගැළපෙන්නෙ නැහැ. (නි)
හිරුනි Thursday, 28 March 2013 12:17 AM
මොකද්ද ඒ ඇඳුම (දී)
චන්ද්‍රා Monday, 01 April 2013 12:31 PM
හොද ඇඳුමක් ඇඳන් එනතුරු මොකද කරන්නේ (දී)
කමල් Thursday, 28 March 2013 12:27 AM
අපේ රටේ අධිකරණ සංග්‍රහයේ අධිකරණයට ඇදුම් ඇදිය යුතු පිළිවෙළ ගැනත් සදහන් වෙලා තිබෙනවා නේද? (නි)
අංජන Thursday, 28 March 2013 12:28 AM
අපිටත් හොද පාඩම් මේවා (දී)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 March 2013 01:07 PM
විනීතා සේනාධිපති කියන අදහස අනුව මට හිතෙන්නේද සාරිය අධිකරණයට හැඳගෙන ගියා නම් වඩා උචිතයි කියලයි. (නි)
චාන්දී Thursday, 28 March 2013 01:01 AM
අධිකරණයට ගරු කිරීම අපේ පරම යුතුකමක් (දී)
රුක්ෂාන් Thursday, 28 March 2013 01:14 PM
කෙල්ල ලස්සන නිසා මට නම් මුකුත් කියන්න හිතෙන්නෙ නැහැ. (නි)
පිරිස් Thursday, 28 March 2013 01:13 AM
හිරුනිකා දුව ඔබ කලේ වරදක් (දී)
සේරම් Friday, 12 April 2013 04:54 PM
ඔය පරණ තරහා මරහා අයින් කරලා අරයා එක්ක එකට වැඩ කරන්න. සමාජයට ආදර්ශයක් වෙන්න. මගේ එකම පැතුම එයයි. (නි)
චන්න Thursday, 28 March 2013 01:58 AM
මොකද්ද ඇදන් ඉදලා තියෙන ඈදුම
ඈන් Thursday, 28 March 2013 02:10 AM
හිරුනිකාට වෙන වැඩ (දී)
සමන් Wednesday, 27 March 2013 04:44 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට එයා ඇඳගෙන ගියේ ශිෂ්ඨසම්පන්න නොවන ඇදුමක්ද? (නි)
අජන්ත Thursday, 28 March 2013 02:20 AM
නීතිය, කෙනෙකුගේ තත්වය , තරාතිරම, වත්කම දිහා බැලෙන්නේ නැත. නිතිය කාටත් පොදුයි (දී)
රුවිනි Thursday, 28 March 2013 02:57 AM
මම හිතන විදියට ලිනන් කියන වර්ගය විනිවිද පෙනෙනවා. (නි)
නිලන්ත Wednesday, 27 March 2013 04:47 PM
මෙතුමිය ඇඳලා තියෙන්නේ අශිෂ්ට ඇඳුමක්ද (දී)
ටිකිරි Friday, 29 March 2013 04:58 PM
උසාවියට ඔහොම අපහාසයැ වුනේ?
සුමනා Wednesday, 27 March 2013 04:42 PM
ඇඳුම මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද අදහසක් දාන්නේ (දී)
රකිත් Thursday, 28 March 2013 03:24 AM
එතකොට අර ඉරිච්ච බැනියමකුයි, කොට කලිසමකුයි ඇඳගෙන හොර පොල් කඩන අප්පුහාමියට දෙයියන්ගේම පිහිටයි නේද?(නදී)
රකිත් Thursday, 28 March 2013 03:34 AM
හිරුණිකා ගැන මා තුල පැහැදීමක් නැත. නමුත්, මම දැනගන්න කැමතියි මොකක්ද ශිෂ්ට සම්පන්න නැත්තේ කියලා. කුර්තාවද, නැත්නම් කලිසමද? එහෙමත් නැත්නම් ලා රෝස පාටද? නැත්නම් සම්පූර්ණ ඇදුමද? (නි)
ඉමල්කා Monday, 01 April 2013 12:56 PM
මිනිස්සු ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ නේ. (නි)
මුතු Thursday, 28 March 2013 03:45 AM
අධිකරණය උත්තරීතරයි (දී)
වන්නිනායක Wednesday, 27 March 2013 04:46 PM
අධිකරණයෙන් කියනවා කියන්නේ ශිෂ්ට නැහැ කියන එක තමයි (දී)
පිටිගල Thursday, 28 March 2013 03:58 AM
අපේ සමහර දේශපාලඥයොත් අදින කුර්තා දැක්කහම ගැහැණු පරාදයි. (නි)
ඇල්පිටිය Thursday, 28 March 2013 09:30 PM
මේක මෙහෙම දුරදිග ගියේ හිරුණිකා ප්‍රසිද්ධ කෙනෙක් නිසා. නැත්නම් උසාවියේ මෙහෙම දේවල් අනන්තවත් වෙනවා. (නි)
මේනක Thursday, 28 March 2013 09:30 PM
තැනට සුදුසු ඇදුමක් ඇන්දා නම් මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)
දේවින්ද Sunday, 31 March 2013 12:22 PM
ලංකාවේ ප්‍රශ්න නැතුවට (දී)
දමිත් මිලාන් Thursday, 28 March 2013 01:46 PM
තැනට ගැලපෙන පරිදි ඇදුම් අදිනවානම් කොහොමටත් හොද .කව්රුවත් වැරදි කියන්නේ නෑ .(නදී)
සිරි Thursday, 28 March 2013 09:48 PM
වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටුනා කියන්නේ මේවාට.(නදී)
දිසානායක Friday, 29 March 2013 10:25 AM
රත්තරන් දුවේ. ඔයාගේ තාත්තා වෙනුවෙන් ඕනැම කැපකිරීමක් කරන්න අපි සුදානම්. හැබැයි ඇදුම ගැනත් ටිකක් හිතන්න වෙනවා. අපි ඔයාට ආදරෙයි තාත්තගේ මරණයට සාදාරණයක් ඉටුවෙනකම් අපිත් බලාගෙන ඉන්නවා.(නදී)
ජෝයි Thursday, 28 March 2013 04:25 AM
ඇත්තෙන්ම අපි එම යුවතිය ඇදගෙන ගිය ඇදුම දැක්කේ නැහැ. ගැහැණියකගේ නොපෙනෙන දේ දකින්න පිරිමි කවුරුත් යටිසිතින් හරි ආසයි. ඒකයි නියම සත්‍යය. නමුත් උසාවියකදී අවයව නොපෙනෙන්න ඇදිය යුතුයි. මෙය ලංකාදීප පාඨක ඔබට බාරයි අදහස් දක්වන්න. රසවත් දෙයක් වේවි කාටත්. (නි)
ආ Friday, 29 March 2013 05:45 PM
අපි ඔයාගේ ලස්සනට ඊර්ෂ්‍යා නොකරන්නෙමු. ඔයා කොහොමත් ලස්සනයි. (නි)
චන්න Wednesday, 27 March 2013 05:03 PM
මෙතුමිය ඇඳපු ඇඳුම මොකද්ද
මොහොමඩ් Wednesday, 27 March 2013 04:57 PM
ඉස්සරහට තව මොනවා වෙයිද? අපි බලාගෙන ඉදිමු. (නි)
පෙරමුණ Thursday, 28 March 2013 04:36 AM
ඊළග පාර උසාවි යනකොට දිග සායකුයි, හැට්ටයකුයි ඇදගෙන යන්න. (නි)
නිහාල් රොස්යිරෝ Wednesday, 27 March 2013 05:07 PM
හොඳ වැඩේ. නීතිය කාටත් පොදුයි. (නි)
අයෝධ්‍යා ජයවර්ධන මෙනෙවිය Friday, 29 March 2013 10:54 AM
හිරුණිකා මෙනවිය ඉතා යහපත් ගුණවත් යුවතියක් ලෙස මා හැඳිනගෙන සිටිමි. (නි)
නන්දලාල් Wednesday, 27 March 2013 05:08 PM
මේ කියන්නේ එයාට පමණක් නොවේ. සියල්ලන්ටමයි. (නි)
මිලින්ද Thursday, 28 March 2013 04:50 AM
අයියෝ හිරුනිකා (දී)
චතූ Saturday, 30 March 2013 09:33 PM
ඇදුම දකින්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි. (නි)
විනීතා සේනාධිපති Wednesday, 27 March 2013 05:17 PM
ඇයි සාරියක් ඇඳගෙන නොගියේ? (නි)
ජයී තිසර Thursday, 28 March 2013 02:44 PM
විනිසුරු තුමීගෙ අවවාදේ විරෝදෙට.. තුනී ඇඳුම් ගැලපෙන්නේ ගත සිතට.. ඔය ටයි කෝට් ගිණි අව්වේ දවාලට.. ලක් දිව පහත රට සුදුසුද අඳින්නට... (නි)
පුෂ්පා Wednesday, 27 March 2013 05:23 PM
මට නම් තේරෙන්නෙ නැහැ. ෆොටෝ එකක්වත් දාලා තිබුනා නම් බලන්නවත් තිබුණා. (නි)
සුසන්ත - ඉතාලිය Thursday, 28 March 2013 05:19 AM
ඔන්න පොටෝ එකක් https://www.facebook.com/photo.php?fbid=10151495820107086 (නි)
සනත් Thursday, 28 March 2013 05:49 AM
දුහුල් උඩ ඇඳුම නිසා උඩුකය පැහැදිලිව ප්‍රදර්ශණය වීම උසාවියක් වැනි ස්ථානයකට විශේෂයෙන් නුසුදුසුයි. (නි)
සම්පත් Wednesday, 27 March 2013 05:29 PM
මින්පසු උසාවියට යද්දී දෙවරක් සිතන්න වෙනවා. (නි)
ලාල් Wednesday, 27 March 2013 05:25 PM
මොකද්ද ඇදපු අඩුම (දී)
සිල්වා Wednesday, 27 March 2013 05:32 PM
අධිකරණයට ගරු කරන්න (දී)
රවී Sunday, 31 March 2013 01:28 PM
හිරුණිකා කියන්නේ හොද දේශපාලන අනාගතයක් කියෙන කෙනෙක්. ඒත් මේ වගේ දේවල් වලින් ඇය අනාගන්නයි හදන්නේ. මට නම් ඒ ගැන හුගක් දුකයි.(නදී)
කුමාර Wednesday, 27 March 2013 05:26 PM
නීතියට ගරු කරන්න ඕනේ අපි (දී)
කීර්ති Wednesday, 27 March 2013 05:29 PM
එයාගේ ඇදුමේ වැරැද්ද මට කියලා දෙන්න. (නි)
සනත් Thursday, 28 March 2013 07:17 AM
එහෙම නැති උනොත් උසාවියට කරන අවනම්බුවක් (දී)
ප්‍රසාද් Thursday, 28 March 2013 07:29 AM
උසව්වියට ගරු කරන්න (දී)
අජිත් Thursday, 28 March 2013 07:56 AM
හිරැණිකා මෝස්තර නිරූපිකාවක් කියලා තමයි අපිනම් අහලා තියෙන්නේ.(නදී)
එරංග Thursday, 28 March 2013 03:17 PM
මේ ඇදුමේ මට නම් කිසිම වරදක් පේන්න නැහැ. ලස්සන කෙල්ලෙක් ලස්සනට අදින්න ඕනේ. කමක් නැහැ හිරුණිකා, ඔයා ඊලග නඩු වාරයට සාරියක් ඇදගෙන යන්න. ඔයා ඕන ඇදුමකට ලස්සනයි.(නදී)
අචිනි Wednesday, 27 March 2013 05:42 PM
තරහා වෙන්න නම් එපා, අධිකරණයට යනකොට පිළිවෙලට යන්න ඕනේ (දී)
ලලිත් Wednesday, 27 March 2013 05:41 PM
මොනවා වුණත් එයා පබා නංගිටත් වඩා උඩින් දිනයි ඡන්දෙ ඉල්ලුව දවසට. (නි)
සෑම් Wednesday, 27 March 2013 05:54 PM
දාමුකෝ බලන්න පින්තූරයක් අපේ අදහසුත් දෙන්න. (නි)
සේනක Thursday, 28 March 2013 08:32 AM
මට දුකයි ඔබ ගැන (දී)
සිරිසේන Thursday, 28 March 2013 08:42 AM
කුර්තා එකේ ඇති අසංවර බව මොකද්ද ?(නදී)
වරුණ Thursday, 28 March 2013 08:49 AM
මෙයා ලස්සන කෙල්ලක්.(නදී)
ෂාෆික් Wednesday, 27 March 2013 06:05 PM
මට නම් ඒ ඇදුමේ වරදක් පෙනෙන්නෙ නැහැ. (නි)
රාජෝ Thursday, 28 March 2013 09:00 AM
සමහර නීතිඥවරියෝ යටි බඩත් පේන්න සාරි ඇදලා උසාවි එනවා උසාවි ලග ඉන්න අපි ඕනා තරම් දැකලා තියෙනවා.(නදී)
අංජුල ජයසිංහ Thursday, 28 March 2013 03:33 PM
ඇයි මාව දැකලා නැත්ද...............? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න (දී)
සුසන්ත - ඉතාලිය Wednesday, 27 March 2013 06:25 PM
නියමයි. ශිෂ්ඨසම්පන්න සමාජයකට ගැලපෙන අවවාදයක් ! (නි)
හේමසර හිමි Wednesday, 27 March 2013 06:30 PM
සාධාරණයි. නීතිය කාටත් සමාන විය යුතුයි. (නි)
කසුන් සදරුවන් Thursday, 28 March 2013 09:30 AM
හොද අවවාදයක්.අනිත් අයටත් වැදගත්වෙයි. මෙයා නිති වෙදිනියක්නේ ? ඔයටික දන්නේ නැහැ කියන්නේ වැඩක්ම නැහැ.(නදී)
කරුණා Thursday, 28 March 2013 09:37 AM
මෙතන අදහස් දමන අයට අමතක උනාද අධිකරණයේ ගෞරවය තියෙන්නේ දෙන තීන්දු වල කියලා.(නදී)
ධම්මික Wednesday, 03 April 2013 11:00 AM
මම නම් හිතෙන්නේ ප්‍රභර්ෂාට අර කෙල්ල ගැන ඊරිසිය හිතිලද කොහෙද මොකද ඇය ගොඩක් ලස්සනයිනේ.. (ස)