IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ වෛද්‍ය ඉංජිනේරුවාට අධි චෝදනා

(මනෝ ප්‍රිය ගුණසේකර)

ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවරයකුට කෙරෙහි අධි චෝදනා පත්‍ර භාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට  නියම ක්ළේය.

ශල්‍යාගාර විදුලි ලාම්පුවක තිබිය යුතු අවම පිරිවිතර පටහැනිවන ආකාරයට ශල්‍යාගාර විදුලි ලාම්පු තිස්පහක් මිලදී ගැනීම සඳහා ආයතනයක් නිර්දේශ කිරීමෙන් විත්තිකරු අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන දූෂණය නැමැති වරද කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.

මීට වසර නවයකට පෙර එනම් 2015 වසරේදී මෙම වරද කළ බවට මෙලෙස චෝදනා ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාය.

 

 



අදහස් (2)

ශල්‍යාගාර ලාම්පුවලින් රජයට පාඩු කළ වෛද්‍ය ඉංජිනේරුවාට අධි චෝදනා

Lalla Wednesday, 18 December 2024 08:26 AM

ලංකාවේ ලොකුම ජරාව කන්නේ බොහෝ ආයතන වල ඉන්ජිනේරුවෝ සහ පරිගණක අංශ ලොක්කෝ.... සාමාන්‍ය අයට දිය නොහැකි භාණ්ඩ හා සේවා සැපැයීම පිණිස කරන නිර්දේශ කිරීම් සහ ඉදිකිරීම් පිණිස ගෙවීම් අනුමත හරහා... වසර කීපයකින් කඩාවැටෙන ගොඩනැගිලි හරියට වැඩ නොකරන පරිගණක පද්ධති මේවා රාජ්‍ය ආයතන, රෝහල්, ගොඩනැගිලි එහෙම ප්‍රසිද්ධ කරුණු... කැලණිය පැත්තේ රාජ්‍ය බැංකුවක මූලස්ථානයකුත් ගර්හිත තත්ත්වයේ පවතින බව කතාවක් තියෙනවා.

:       0       1

Rama - Athurugiriya Thursday, 19 December 2024 10:34 AM

බරපතළ වංචා දුෂණ ගොඩක් කරන්නේ උගත් යැයි සම්මත පිරිසක් විමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site