IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වනවිට රුපියල් කෝටි  හාර  ලක්ෂයක පමණ (බිලියන 4000)  පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ වනවිට වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එම  සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි එක්ලක්ෂ පන් දහස් හත්සියයකි.

ඊට පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි හැත්තෑ නව දහස් නව සියයක්ද ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි විසි හය දහස්  එක සියයක්ද පාඩු ලබා ඇත.

මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්වයකට ගෙන ඒමට රජය කටයුතු කරන බවත් මේ සඳහා රැඩිකල් වෙනස්කම් ගණනාවක් කරන බවත්  එම වාර්තාවේ සඳහන් වේ.

මේ ආයතනවල පාඩුව වසර ගණනාවක් තිස්සේ සෘජු හා වක්‍ර ලෙස දැරුවේ මහජනතාව බව පෙන්වා දෙන වාර්තාව මෙම බදු බර ජනතාව මත පැටවීම මින් ඉදිරියට නොකිරීම  රජයේ  ප්‍රතිපත්තියවී ඇතැයිද   සඳහන් කළේය.

මේ අතර පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිව්‍යුහගත කිරීමට හෝ වසා දැමීමටද  සමාන කාර්යයක නිරත වන ආයතන ඒකාබද්ධ කිරීමටද  රජය තීරණය කර ඇත.

රජයේ පුනරාවර්තන වියදම් අඩු කිරීම හා අනවශ්‍ය වියදම් කපා ගැනීම සඳහා  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුම් ලබාගත හැකි සෘජු හා කඩිනම් ප්‍රතිචාර ලැබෙන ආයෝජන ස්වරූපයේ ව්‍යාපෘති සදහා පමණක් වැඩි අවධානය යොමු කරන බවත්  රජය  පවසයි.

මේ අතර ලබන වසර සඳහා අවම වියදමකින් ආයතනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් පමණක් ඉල්ලුම් කරන ලෙස මුදල් අමාත්‍යාංශය රාජ්‍ය ආයතනවලට  දැනටමත් දැනුම්දී ඇත.



අදහස් (1)

ශ්‍රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි

ලංකාපුත්‍ර Sunday, 30 October 2022 06:23 AM

අනේ ඉතින් ඒ ආයතන වල ලොක්කො, සුක්කෝ සුරසැප විඳින්න රටේ අන්තිම අහිංසක නොදරුවන් පවා කීයකින් හෝ දායක වෙනවා. රටේ පාලකයින් ඔවුන්ට බලයේ සිටින්න මේවා වෙනස් කරන්න මහන්සි වෙන්නේ නැහැ. වෙනස් කරන්න උත්සාහ ගත්තොත් රජයේ දේපළ වනසනවා කියා පිකටින් කරන කාළකණ්නි දේශපාලුවන් රංචුත් ඉන්නවා.. ජනතා මතයක් විමසා හෝ මේවා නොපමාව පුද්ගලික අංශයට දියයුතුයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site