IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශී‍්‍ර ලංකා හොකී පිල කසක්ස්තානය ගෝල 9-2 කින් පරදවයි

තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී (පිරිමි) තරගාවලියේදී කසක්ස්තානය පරදවා ගෝල 9-2 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (20) සමත්වුහ. ශ්‍රී ලංකා පිලට තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා හෙට (21) හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීම ප‍්‍රමාණවත් වේ. ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා පිල තරගයේ පළමු අර්ධයේදීම ගෝල 4-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක ඉසංක කුමාර ජයසුන්දර (1), අංජු හේවගේ (1), උපුල් ධනුෂ්ක (2), මොහොමඞ් මුලාෆර් (3) සහ ධම්මික අබේරත්න (2) ගෝල ලැබුහ. උස්බකිස්තානය ගෝල 3-1 කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී  ඕමානය හමුවේ ගෝල 4-2 ක පරාජයක් ලැබීය. මේ මස 24 දක්වා පැවැත්වෙන තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා රටවල් දෙක ආසියානු කුසලාන හොකී තරගාවලියට සුදුසුකම් ලබයි.



අදහස් (0)

ශී‍්‍ර ලංකා හොකී පිල කසක්ස්තානය ගෝල 9-2 කින් පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site