ඉතාලියේ විචෙන්සා ඇතුළු නගර දෙකක ශ්‍රී ලාංකිකයන් අතර සිට්ටු දමා යුරෝ අසූ දහසක් හෙවත් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වංචා කළැයි කියන සංක්‍රමණිකයකු එම මුදල් ඉල්ලන විට පරුෂ වචනයෙන් බැනවැදී හැකි ලෙසකින් ගන්නා ලෙස කියිතියි ඔහුට අසුවූවෝ කියති. ඔහු ඉතාලියේ පාදෝවා නගරයේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිට්ටු දැමීම අරඹා ඇත. සීට්ටු දැමීම ඉතාලියේ නීති විරෝධී ක්‍රියාවකි. තමන්ට ඉතාලි නීතියෙන් පිළිසරණක් නොමැති බැවින් සීට්ටු වංචාවට හසු වූ අය ශ්‍රි ලංකාවේ ආරකෂක අමාත්‍යංශයට, විදේශ අමාත්‍යංශයට හා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට එම ශ්‍රී ලාංකිකයා ගැන දන්වූ ඔවුහු සහනයක් බලාපොරොත්තු වෙති. ඔහු ඉතාලියට ගියේ කිරිබත්ගොඩිනි. සිට්ටු දැමූ ඇතැමෙක් ගුටි බැට හුවමාරුකැර ගත් බවත් කියති. මිලානෝ, නාපොලි හා කටානියා නගරවලින් ද සීට්ටු දැමීමෙන් යුරෝ දහස් ගණන් වංචා කළ ශ්‍රී ලාංකිකයන් සිටින බව වාර්තාවෙයි.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා සිට්ටු හොරෙක් ඉතාලියේ
පියුමි දිසානායක Monday, 23 January 2012 04:11 PM
මේව කළේ ලංකාවේ කට්ටියගෙන් අහල නෙමෙයිනෙ. දැන් ඉතින් සක්විතිට දුන්නු අය වගේ හිත හදාගන්න
සමින්ද Monday, 23 January 2012 04:23 PM
පාස්පෝට් යාලු එක්ක ගණුදෙනු ඔහොම තමා
ඇසළ Monday, 23 January 2012 04:40 PM
නමත් එක්ක පළකලා නම් තමයි වටින්නේ
නිස් Monday, 23 January 2012 07:42 PM
නාපොලි නගරයේත් ඉන්නවා ඔය වගේ සීට්ටු හොරු . නමුත් නපොලියේ අයනම් සීට්ටු සල්ලි ගන්න විදිය දන්නවා
ශාරි Tuesday, 24 January 2012 03:46 PM
මේවා ඉතාලියේ සිද්ධ වෙන සාමාන්‍ය සිද්ධි. සීට්ටු දාන කොට ඒකට සහභාගි වෙන අය දන්නෙ කවුද? හැම දේම හොයලා බලන්න ඕනා. නැත්නම් සල්ලි වලට දෙවියන්ගෙම පිහිටයි