IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා සංචාරයට මෝකල් එක්වෙයි

මේ මස 20 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන එක්දින තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත සංචාරයට ඬේල් ස්ටෙයින් එක් නොවූවද තවත් ඉහළම පෙළේ වේග පන්දු යවන්නකු වන මෝනි මෝකල් ඇතුළත් වී සිටී.

ශී‍්‍ර ලංකාවට පැමිණෙන දකුණු අපි‍්‍රකානු එක්දින පිලේ නායකයා ලෙස ඒ. බී. ඩිවිලිය(ර්)ස් ද, විස්සයි20 පිලේ නියකයා ලෙස ෆෆ් ඩූ ප්ලෙසීද කටයුතු කරති.
දකුණු අප‍්‍රිකානු පිල සහභාගි වූ අවසන් එක්දින තරගාවලිය වන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ගිය මෝර්නි මොර්කල් තරගාවලිය අතරමගදී තුවාල ලැබීම නිසා ආපසු දකුණු අපි‍්‍රකාවට ගියේය. මොර්කල් එක්දින අන්තර්ජාතික තරග 61 කදී කඩුලූ 104 ක් ද, විස්සයි20 අන්තර්ජාතික තරග 31 කදී කඩුලූ 39 ක් ද, දවාගෙන තිබේ.

මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වේ.

දකුණු අප‍්‍රිකානු එක්දින සහ විස්සයි20 සංචිතවලට ඇතුළත් ක‍්‍රීඩකයෝ:
ඒ. බී. ඩිවිලිය(ර්)ස් (නායකයා), හෂීම් අම්ලා, ෆර්හාන් බෙහාර්ඞීන්, කුයිටන් ඞී කොක්, ෆෆ් ඩූ ප්ලෙසී, ජේ. පී. ඩුමිනි, කොලින් ඉන්ග‍්‍රම්, රොරී ක්ලීන්වෙල්ඞ්, රයන් මැක්ලරන්, ඬේවිඞ් මිලර්, මෝනි මොර්කල්, ක‍්‍රිස් මොරිස්, ඇල්විරෝ පීටර්සන්, රොබින් පීටර්සන්, ඒරන් පැංගිසෝ, ලොන්වාබෝ සොත්සෝබි

දකුණු අප‍්‍රිකානු විස්සයි20 සංචිතයට පමණක් ඇතුළත් ක‍්‍රීඩකයෝ:
හෙන්ද්‍රි ඬේවිඞ්ස්, වේන් පර්නෙල් සහ ඬේවිඞ් විසි

 



අදහස් (0)

ශ්‍රී ලංකා සංචාරයට මෝකල් එක්වෙයි

සු‍රේශ් Saturday, 06 July 2013 09:15 AM

අපිට මොකෝ කවුරු ආවහම? අපි කොහොමත් ගහනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site