IMG-LOGO

ශ්‍රී ලංකා සංචාරයට තෙන්ඩුල්කාර් නෑ

ශ්‍රී ලංකාවට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති ක‍්‍රීඩකයන් 15 දෙනකුගෙන් යුත් ඉන්දීය සංචිතයට සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඇතුළත්ව නැත. ලෝක ටෙස්ට් සහ එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන තෙන්ඩුල්කාර් විවේක ගන්නා ඇති බව ද වාර්තා වේ. ඉන්දීය සංචිතය: මහේන්ද්‍ර සිං දෝනි (නායක), විරේන්ද්‍ර සෙවැග්, විරාට් කෝලි, ගෞතම් ගාම්බීර්, රවිචන්ද්‍රකුමාර් අෂ්වින්, උමේෂ් යාදේව්, අශෝක් ඩින්දා, සුරේෂ් රයිනා, විනෙයි කුමාර්, රෝහිත් ශර්මා, ප‍්‍රගයන්  ඕජා, අජික්යා රහනි, මනෝජ් තිවාරි, රාහුල් ශර්මා සහ සහීර් ඛාන්.



අදහස් (0)

ශ්‍රී ලංකා සංචාරයට තෙන්ඩුල්කාර් නෑ

ලලිත් Thursday, 05 July 2012 03:38 AM

එයා නෑ කියල අපිට මොකද? අනිත් එක එයාම දන්නවා ලංකාවෙදි එයාට ලකුණු ගන්න අමාරුයි කියල. එහෙම එකේ තරගය ක්‍රීඩාගාරයේ ඉඳල බලනවට වඩා ගෙදර ඉඳන් ටීවී එකෙ බලන එක ඇගට ගුණයි කියල හිතෙන්න ඇති!

:       0       0

සිසිර Thursday, 05 July 2012 12:07 PM

අලුත් කෙනෙකුට තැනක් දෙන්න එල්ලීගෙන ඉන්නෙ නැතිව...

:       0       0

අතපත්තු Thursday, 05 July 2012 12:47 PM

සචින් ප්‍රතිවාදී රටේ උනත් ඔහු බලන්න ආස හිතෙන විදියට ක්‍රීඩා කරන නිහතමානී ක්‍රීඩකයෙක්....

:       0       0

නලින් Thursday, 05 July 2012 07:05 PM

මෙයාටත් දැන් වයසයිනේ...ඡන්දෙ ඉල්ලුවනම් හරි...

:       0       0

ගාල්ලගේ Thursday, 05 July 2012 08:03 PM

සචින් හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැබැයි ලංකාවට බයයි.අපේ කට්ටිය එයාව කොහොම හරි කොටු කරගන්නවා ලේසියෙන්

:       0       0

චතුර Wednesday, 04 July 2012 07:46 PM

මෙයාට දෑන් ඉස්සර වගෙ ක්‍රිකට් ගහන්න බෑ. මතකනෙ 100 වන ශතකය ගන්න කොච්චර කල් බලා හිටියද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 8 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 136 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2254 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site