IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල

කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියාවේ 17 වැනි ස්ථානයත්, පිරිමි කණ්ඩායමට ආසියාවේ 19 වැනි ස්ථානයත් හිමි වී තිබේ.

කේවල අංශයේ තරගද මේ වන විට ආරම්භවී ඇති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පවනි සිරිසේන හැරුණුකොට අන් කිසිදු කී‍්‍රඩකයෙකු හෝ කී‍්‍රඩිකාවක තවමත් කේවල තරගයක් ජයගැනීමට සමත්වී නැත.

කාන්තා කේවල තරගයකදී මොන්ගෝලියානු කී‍්‍රඩිකවක වන මර්ජෙන් ඩෙල්ජෙර්මා තරග වට 4-3 ක් ලෙස පරාජය කිරීමට පවනි සිරිසේන සමත් වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට පුහුණුකරුවෙකු නොමැතිව සහභාගීවීම මෙලෙස පරාජය වීමට හේතුව බව බොහෝදෙනාගේ මතයයි.

 

පිරිමි කේවල තරග ප‍්‍රතිඵල

- චන්ග් ශුන් හංග් (චීන් තායිපේ) විසින් රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) 4-1 පරාජය කරන ලදී.
- ජන්ග් යෝන්ග්සික් (කොරියාව) විසින් මලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- ඇන්තනී අමල්රාජ් (ඉන්දියාව) විසින් ඉන්දික ද සිල්වා (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- පංග් සුයි ජී (සිංගප්පූරුව) විසින් උදය රණසිංහ (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.


කාන්තා කේවල තරග ප‍්‍රතිඵල

- ගුයෙන් තී වීට් ලිං (වියට්නාමය) විසින් ඉශාරා මධුරංගි (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- පවනි සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් මර්ජෙන් ඩෙල්ජෙර්මා (මොංගෝලියාව) 4-3 පරාජය කරන ලදී.
- හිරනෝ සයකා (ජපානය) විසින් පවනි සිරිසේන (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- බී ලී වෙයි (මැලේසියාව) විසින් රිද්මි ධනංජනී (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.


(*)

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල

සුප්‍රා Sunday, 07 July 2013 07:43 AM

අපේ රටේ මේසපන්දු ක්‍රීඩාව කවදාවත් ගොඩ ගන්න බැරි තරම් අගාධයට යවලා මේ වෙනකොට. මේසපන්දු ක්‍රීඩාවේ දැන් ක්‍රීඩා කරන්නේ හැකියාව තියෙන පිරිසකට වඩා සල්ලි තියෙන පිරිසක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site