IMG-LOGO

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම කසකස්තානය 5-0 කින් පරදවයි

චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී කසකස්තානය පරදවා තරග 5-0 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ අද (15) සමත්වුහ. කසකස්තානයට එරෙහිව තරගය ජය ලැබුවද ‘සී’ කාණ්ඩයේදී ජපානය හා තායිලන්තය හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබීම නිසා තරගාවලිය නිමාවීමටත් පෙරම ශ‍්‍රී ලංකාවට තෝමස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. තරගයේදී නිලූක කරුණාරත්න විසින් කසකස්තානයේ අර්තුර් නියාසොව් පහසුවෙන් (21/13, 21/6) පරාජය කරන ලදී. ලසිත මේනක, ආර්. එස්. දහනායක, හසිත චානක සහ සංකල්ප ගුණවර්ධන කේවළ හා යුගල ඉසව්වලට සහභාගිවුහ. ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන ඌබර් කුසලාන තරගාවලියේද තායිලන්තය සහ ඉන්දුනීසියාව හමුවේ පරාජය ලැබීමත් සමග ශ්‍රී ලංකා පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. චන්ද්‍රිකා ද සිල්වා, තිළිණි ප‍්‍රමෝදිකා, ලේඛා ෂෙහානි, නදීෂා ගයන්ති සහ කාවින්දි ඉෂාදිකා ශ්‍රී ලංකා පිල නියෝජනය කරති.



අදහස් (0)

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම කසකස්තානය 5-0 කින් පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 222 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 112 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site