සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර පාල් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට සමත්විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු පිල ඕවර 48.4 කදී කඩුලූ පහක් දැවී ජයග‍්‍රහණය ලැබීය. පෝල් ඩුමිනි (නොදැවී 66) සහ හසීම් අම්ලා (55) දකුණු අප‍්‍රිකානු පිලට ජය ගෙන දුන්හ.
ශ්‍රී ලංකා ඉනිමේදී යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 115 කදී හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 92 ක් ලබා ගැනීමට සමත්විය. උපුල් තරංග ලකුණු 66 ක් ලැබීය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 6 ට 236
දකුණු අප‍්‍රිකානු පිල ඕවර 48.4 කදී කඩුලූ 5 ට 237
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා පිල දෙවැනි එක්දින තරගයත් පරදියි
sujeewa Monday, 16 January 2012 08:30 PM
17 වැනිදා ට බලන්න ලංකාදීප පුවත. ශ්‍රී ලංකාව තුන්වැනි එක්දින තරගයත් පරාදයි.
අමිල Tuesday, 17 January 2012 02:18 PM
දිල්ෂාන්ගේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොවේ
චමින්ද Sunday, 15 January 2012 02:19 PM
කාලය නාස්ති කරන්, නිදි මරාගෙන, ඈගේ තියෙන ලේ ටික පුච්චගෙන මෑච් බලන අපි තමයි මෝඩයො. අනේ අපිට ක්‍රිකට් එපා කරවන්න එපා.....
මනෝජ් Sunday, 15 January 2012 02:52 PM
කමක් නැහැ. ඊළග තරග 3 ම දිනන්න පුලුවන් හරියට ක්‍රීඩා කලොත්. කාලිස්, අම්ලා දෙන්නම නෑ ඊළග තරග තුනටම
sss Sunday, 15 January 2012 08:36 PM
ක්‍රිකට් වලට දේශපාලනය ගෑවුණාම ප්‍රතිඵලය භයානකයි. කෙසේ වෙතත් දිල්ෂාන් නායකත්වයට සුදුසුද?
අශාන් Monday, 16 January 2012 01:35 AM
ඩිල්ෂාන් ගෙදර ගිය දවසක ලංකාව දිනයි.
සම්පත් Monday, 16 January 2012 09:40 AM
ඩිල්ෂාන් නායකත්වය සඳහා පෙර සුදානම් කළ ක්‍රීඩකයෙකු නොවේ. කිසියම් ක්‍රීඩකයෙකු නායකත්වයට එන්න නම් ඔහු කණ්ඩායමේ උපනායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වියයුතුය