(යොහාන් භාසුර)
නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූහ.
වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවයේ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර පුළුල් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මෙහිදී අග්‍රාමාත්‍යවරිය වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ වැදගත්කම සහ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකීය නිෂ්පාදන සඳහා නව අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය. තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කරන අතරම නැගී එන වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ඇය අවධාරණය කළාය.
ලක් රජයෙන් පත් කළ නව දූත මණ්ඩල ප්‍රධානීන් වන කටාර් රාජ්‍යයේ නව තනාපති ආර්.එස්. ඛාන් අසාර්ඩ්, නවසීලන්ත රජයේ නව මහකොමසාරිස් ඩබ්ලිව්.ජී.එස්. ප්‍රසන්න, රුසියානු සමූහාණ්ඩුවේ නව තානාපති එස්.කේ. ගුණසේකර, කුවේට් රජයේ නව තානාපති එල්.පී.රත්නායක, ආරාබි රාජ්‍ය සඳහා නව තානාපති ඒ.එස්.කේ. සෙනවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
sam Saturday, 11 January 2025 06:17 AM
හැබැයි මේ අයට කියලා යවන්න.. මේ අය යන්නේ ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට උපරිම සේවයක් ලබාදෙන්නත් ඇතුළුව අනෙක් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා බව... මොකද ඔය වගේ ගියාම ඔය යන අය ඔළුව ඉදිමුවාගෙන සිංහයෝ වෙන්න යනවා. අනික ඒගොල්ලන්ගේ පවුලේ සුබසිද්ධිය සඳහා පමණක් ක්‍රියා කරනවා. නිහතමානී වෙන්න කියලා උපදෙස් දෙන්න.