ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ කසකස්තානය අතර අවසන් මහ තරගය හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (06) පස්වරු 4.00 සිට පැවැත්වේ. මෙය ලීග් තරගාවලියක් වීම නිසා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට ආසියානු ප‍්‍රමුඛතම තරගාවලියට උසස්වීමේ අවස්ථාව උදාවේ.
ශ්‍රී ලංකාව මේ වන විට සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටියි. කසකස්තානය තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 7 ක් හිමිකරගෙන තිබේ.
ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටීම නිසා මෙම තරගයෙන් පරාජයට පත්වුවද ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ආරක්‍ෂා කරගැනීමේ අවස්ථාව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පිල ලකුණු පරතරය ලකුණු 7 කට අඩුවෙන් තබාගත යුතුය. නැතහොත් උත්සාහක දිනුම් 4 ක් සිය ලකුණු සංඛ්‍යාවට එක්කරගත යුතුය. එසේ වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්ව පළමු ස්ථානය රැකගත හැකිය.
තායිලන්තය තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 6 ක් ද, චීන තායිපේ තරග දෙකම පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 2 ක් ද ලබා සිටියි. තායිලන්තය සහ චීන තායිපේ අතර තරගය අද පස්වරු 2.00 සිට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා - කසක්ස්තාන් අවසන් තරගය අද