IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි

(යොහාන් භාසුර)

ලෝක මානව සම්පත් කොංග්‍රසය  වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස  සම්මේලන ලැබීය.

මෙම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් අංශයේ අභිලාෂය, දේශපාලන ප්‍රතිපත්ති සහ ව්‍යාවසාය පරිණාමය පිිළිබඳ විශේෂිත සැලැස්මක් සමඟ සම්බන්ධ වන ආකාරය, අනාගතය සඳහා සුදුසුකම් සංවර්ධනය කිරීම, කුසලතා කලමනාකරණය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා දැන්වීම පිළිබඳ උපයෝගිතා සලසන ආකාරය යන අංග සළකා  එම කොංග්‍රසය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිරිනැමීය.

සේවක සහභාගිත්ව, විවිධත්ව සහ බඳවා ගැනීම්, කාන්තා සවිබල ගැන්වීම, සේවා ස්ථානයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ කළමනාකරණය සහ සමාජ සත්කාරක කටයුතු ද මෙහිදී සලකා බැලීය.

“අපගේ දැක්ම වන්නේ අපගේ සේවකයින්ට, සංවිධානයට සහ අප සේවය කරන ප්‍රජාවට උපායමාර්ගික සහාය සහ මඟ පෙන්වීම ක්‍රියාශීලීව ලබාදීමයි“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මේජර් ටනේෂ් බී. ඩයස් මහතා සම්මානය ලබා ගැනීමෙන් පසුව පැවසීය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති උත්සවයකදී මානව සම්පත් කොංගසය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන  පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානී චන්දිම මාපටුන යන මහත්වරුන්ට ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.



අදහස් (2)

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි

බකල ජයා Friday, 11 October 2024 04:53 PM

මේ අය ක්‍රිකට් පාලනය ඇර අනික් හැම දේකටම හරි දක්ෂයෝ..! ජයවේවා..!

:       1       7

de silva berlin Saturday, 12 October 2024 04:15 AM

ලංකාවේ මොන සේවා යෝජකයාද තම නිලධාරීන්ගේ හොර ගෑණුන්ට බිස්නස් ක්ලාස් ගුවන් ටිකට්, තරු 5 හෝටල් වලට වියදම් කරලා සැප දෙන්නේ? වනචර කමේ ගිහින් අමාරුවේ වැටුණු ක්‍රීඩකයින්ට නීති ආධාර වලට ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරන්නේ? සත 5 වැඩක් නැති විදේශ පුහුණු කරුවන්ට ඩොලර් ලක්ෂ ගණන ගෙවන්නේ? අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් එකට ඔය සම්මානේ ලැබෙන්න ඕනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6154 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 348 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site