IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේදී අමතර ඉල්ලීම් දමමින් තේ මණ්ඩලය කේවල් කරයි

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිල අනුග‍්‍රහකත්වය පිරිනැමීමේදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර මත ගැටුමක් ඇතිවීමෙන් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය සමග අනුග‍්‍රහය පිරිනැමීමේ ගිවිසුම අත්සන් කිරීම දින කිහිපයකින් කල්දැමීමට සිදුවී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වෙනත් වසර වලදී මෙන් නොව, මේ වසරේදී එය ශී‍්‍ර‍්‍ර ලංකා තේ මණ්ඩලය සහ ඩයලොග් ආසියාටා සමාගම් දෙක සමගම ඇතිකරගනු ලබන ඒකාබද්ධ ගිවිසුමක් වන බවත්, ඩයලොග් ආසියාටා සමාගම සමග ගිවිසුම මේ වන විටත් අත්සන් කර ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් ‘ලංකාදීප’ට පැවසීය.

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීම වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය එක්ව වසර තුනක කාලයක් සඳහා රුපියල් බිලියන 1.3 ක් (රුපියල් කෝටි 130 ක්) මුදලක් ගෙවීමට සූදානමින් සිටිති. ඒ වෙනුවෙන් ඩයලොග් සමාගම රුපියල් මිලියන 753 ක්ද ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 553 ක් ගෙවීමට එකග වී සිටිති.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියකු ඊයේ (26 වැනිදා) ලංකාදීපට පැවසුවේ තේ මණ්ඩලය සමග ගිවිසුම අත්සන් කිරීමට පසුගිය සතියේ සූදානම් වූ අවස්ථාවේදී තේ මණ්ඩලයේ අමතර ඉල්ලීම් කිපයක් නිසා ගැටලූකාරි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.

”ඩයලොග් සමාගම සහ ක‍්‍රිකට් ආයතනය අතර ගිවිසුම මේ වන විටත් අත්සන් කර අවසන්. ඒ නිසා තේ මණ්ඩලයේ ඉල්ලීම් සේරම ඒ විදිහටම දෙන්න හැකියාවක් නෑ. මොකද මේ වන විටත් එම අවස්ථා ඩයලොග් සමාගමට අපි ලබාදී තිබෙනවා”

”කොහොම වුණත් ලබන සතිය ඇතුළතදී දෙපාර්ශ්වයටම එක`ගතාවකට එන්න පුළුවන් ආකාරයට මේ ප‍්‍රශ්නය විසඳාගන්න අප බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ නව ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්ර්ජාතික තරගවලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ඩයලොග් සමාගමටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) තේ මණ්ඩලයටද හිමිවේ. විදේශයන්හිදී පැවැත්වෙන තරග වලදී ක‍්‍රීඩක කමිසයේ ප‍්‍රධාන ලාංඡුනය (පපුවේ) ශී‍්‍ර ලංකා

තේ මණ්ඩලයටද, දෙවැනි ලාංඡුනය (ක‍්‍රීඩකයාගේ හුරු අතේ) ඩයලොග් සමාගමටද හිමිවේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරී මණ්ඩලය විසින් කරන ලද ටෙන්ඩර් කැඳවීමකින් පසුව ජාතික කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේ අවස්ථාව ඩයලොග් ආසියාටා සමාගමට සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට පිරිනැමීමට තීරණය කර තිබුණි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා ප‍්‍රකාශ කර සිටියේ ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන නමුත් එය විසඳාගත හැකි එකක් බවයි.



අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමේදී අමතර ඉල්ලීම් දමමින් තේ මණ්ඩලය කේවල් කරයි

ද සිල්වා බෙර්ලින් Tuesday, 28 May 2013 02:36 PM

මේ මුදලින් ලංකාවේ තේ වගාවේ දියුණුවට අවශ්‍ය දෙයක් කරානම් මෙයට වැඩ වැදගත්. තේ වල තත්ත්ව පාලනයට අවශ්‍ය පර්යේෂණාගාර වැනි දෙයකට මේ මුදල් යොදවන්න. ක්‍රිකට් වලට මුදල් යෙදෙව්වා කියලා ඒක දියුණු වෙන්නේ නැහැ. ක්‍රිකට් වලට සල්ලි වැඩිවෙන්න වැඩිවෙන්න මේ ගොල්ලගෙ දක්ෂකම් අඩුවෙනවා. 1990 ගණන්වල මණ්ඩලේට මුදල් නැතිකළා. මේ ගොල්ලා ලෝක ශුරයෝ ක්‍රීඩකයෝ දාන්න ඩොලර් මිලියන ගණන් හම්බකරන කොට අනුශුරයෝ. මේ මුදල් තේ වගාවට යොදන්න.(නදී)

:       0       0

නදීක Monday, 27 May 2013 03:51 PM

අයියෝ ක්‍රිකට් වලට ගිය කලක්

:       0       0

වරුණ Monday, 27 May 2013 10:51 AM

මීට නරකද මේ දවස් වල තේ ගස් වලට පොහොර නැතුව දුක් විදින පොහොර ගොවියට පොහොර සහනාධාරයක් අරන් දුන්නා නම් (නි)

:       0       0

නිල්මිණී Monday, 27 May 2013 01:23 PM

වරුණ ගෙවල් මහියංගනයේද? අනේ ඉතින් ඔබේ දැනීම.(නදී)

:       0       0

දුනින්ද Tuesday, 28 May 2013 05:47 PM

හලෝ නිල්මිණි නංගී, කොහෙද නංගෝ පන්තිය තියෙන්නේ? කීදෙනෙක් විතර එනවද ඔයාගේ පන්තියට? ගොඩක් එනවා නම් ඔන්න මට බැහැ. නරකද ඔයාගේ ටෙලිෆෝන් නොම්මරේ දුන්නොත් මට? (නි)

:       0       0

යශෝ රාගිනී Tuesday, 28 May 2013 05:13 AM

නෑ නෑ මුළු රටේම උගත්තු ඉන්නේ. ඒකනේ කිසිම දෙයක් හරියට කරන්න බැරි.(නදී)

:       0       0

ජනක Tuesday, 28 May 2013 05:38 AM

ඇත්තටම මිලියන 553 පොහොර සහනාධාරයක් දුන්නනම් වටිනවා. දැන් ක්‍රිකට් එපා වෙලා තියෙන්නේ. මුළු ලෝකෙටම රටවල් 10 විතර තමයි ගහන්නේ. මම ඉන්නේ ඕස්ට්‍රෙලියාවේ. මෙහෙ මිනිස්සු ක්‍රිකට් අපි වගේ ඔලුවේ තියාගෙන ඉන්නේනෑ. අපි දුප්පත් රටක් මේ විශාල මුදල තේ කර්මාන්තයේ දීයුණුවට යෙදෙව්වානම් රටටත් මිනිස්සුන්ටත් වැඩක් තියෙයි. දැන් කව්රු හරි කියයි මම ඉන්නෙත් මහිංයංගනයේ කියලා. ඒත් ප්‍රචාර හොදය, විකුනන්ට තේ නැත්නම් මොකටද?(නදී)

:       0       0

නිල්මිණී Tuesday, 28 May 2013 01:24 PM

ඔයාලට තේරෙන්නේ නැතිද පොහොර ආදාර දීමෙන් තේ වලට එන වෙළද දැන්වීම මොකක්ද? ඔබ නොදන්නවානම් ඕක එතුලේ කතා ගොඩක් තියනවා. ඕනේ නම් එන්න පන්තිය සෙනසුරාදා 19,30, කුරුදුවත්ත.(නදී)

:       0       0

සිරිල් ජයරත්න Monday, 27 May 2013 08:34 PM

නිල්මිණි මහියංගනේ ඉන්නේ මෝඩයෝ කියලා හිතුවද? ඔයා කුරුදුවත්තේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site