IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා තෙවැනි තරගය අද

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තෙවැනි තරගය අද (24) හෝබාට්හි බෙලරිව් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය. ප‍්‍රසාද ලකුණු 11 ක් ලබා සිටින ශ්‍රී ලංකාව අද තරගයෙන් ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමේ අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් පසුව ඉන්දියාව සහ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගය බැගින් ඉතිරිව තිබේ. තරග පහකට සහභාගි වූ  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින අතර අද තරගයෙන් ජය ලැබුවහොත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ඉන්දියාව තරග හයකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි. පළමු තරග පහට සහභාගි වූ හිටපු නායක රිකි පොන්ටිං අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත් කරමින් එම ස්ථානයට ආබාධයකට ලක්ව සිටි ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු තුන් ඉරියව් ක‍්‍රීඩක ෂේන් වෝට්සන් කැඳවා තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, සචිත‍්‍ර සේනානායක, ළහිරු තිරිමාන්න, චානක වෙළගෙදර ඕස්ටේ‍්‍රලියානු එක්දින සංචිතය: මයිකල් ක්ලාක් (නායක), ෂේන් වොට්සන් (උප නායක), ඬේවිඞ් වෝනර්, ඩෙනිල් ක‍්‍රිස්ටියන්, සේවියර් ඩුහටි, පීටස් ෆොරෙස්ට්, බෙන් හිල්ෆනවුස්, ජෝන් හොලන්ඞ්, මයික් හසී, ඬේවිඞ් හසී, බ්‍රෙට් ලී, ක්ලින්ට් මැකේ, මිචෙල් මාෂ්, රයාන් හැරිස් සහ මැතිව් වේඞ්.



අදහස් (0)

ශ්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා තෙවැනි තරගය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site