IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා ‘ඒ‘ පිල දෙවැනි තරගයත් පරාජය වෙයි

ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ඊයේ (29) පැවැති දෙවැනි තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබූහ. එංගලන්ත පිල තරග 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය. ජයග‍්‍රහණය සදහා ලකුණු 294 ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා ඉනිම  ඕවර 46.1 කදී ලකුණු 226 කට සීමාවිය. මහේල උඩවත්ත පන්දු 29 කදී හතරේ පහර හතක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. කුසල් ජනිත් සහ කෝසල කුලසේකර හයවැනි කඩුල්ල සදහා ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 200 සීමාව දක්වා රැුගෙන ඒමට අඩිතාලම දැමූහ. කුසල් ජනිත් පන්දු 61 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 59 ක් රැස් කළේය. පළමු පන්දුවට පහර දුන් එංගලන්ත ‘ඒ’ පිල වෙනුවෙන් එංගලන්ත එක්දින පිලේ ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරන ක්‍රෙග් කීස්වෙටර් අංක පහ පිතිකරු ස්ථානයේ වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 99 කදී හතරේ සහ හයේ පහර හය බැගින් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 112 ක් රැස්කිරීමට සමත් විය. එංගලන්ත ‘ඒ’ පිලේ නායක ජේම්ස් ටේලර් කාසියේ වාසිය ලබා පන්දුවට පහරදීමට තීරණය කළේය. තිළිණ තුෂාර ක‍්‍රියාත්මක වෙමින් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 24 කට සීමා කරමින් ජෝ රූට් පිටියෙන් ඉවත් කළේය. සුරාජ් රන්දීව් සහ මාලිංග බණ්ඩාර දෙවැනි සහ තෙවැනි කඩුලූ ලකුණු තුනක් තුළ දවාගනිමින් එංගලන්ත ‘ඒ’ මුල් පෙළ සසළ කිරීමට සමත් වූහ. මෙම තරගයට තමන් කැ`දවීමේ තේරීම් කමිටුවේ තීරණය නිවැරදි බව සනාථ කරමින් නිවැරදි ස්ථානයේ පන්දුව පතිත කළ මාලිංග බණ්ඩාර, සිවුවැනි කඩුල්ල ලෙස නායක ජේම්ස් ටේලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. නිත්‍ය දග පන්දු තිදෙනා හොදින් පන්දු යවමින් සිටියදී 26 වැනි  ඕවරය යැවූ නායක තිළිණ කණ්ඩම්බි ලකුණු 17 ක් (1,2,4,0,4,6) පිරිනැමීමෙන් එංගලන්ත පිතිකරුවන්ට ග‍්‍රහණයෙන් මිදීමට අවස්ථාව ලැබුුණි. කෙසේ වෙතත් පළමු තරගයේදී පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී කණ්ඩම්බි පන්දු යැවීමෙන් වැළකී සිටියේය. පළමු තරගයේදී වේගවත් ශතකයක් රැස්කළ ජෝස් බට්ලර් පන්දු 34 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 40 ක් රැස්කර සිටියදී සීකුගේ ප‍්‍රසන්න හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ක්‍රෙග් කීස්වෙටර් සහ සමිට් පටෙල් (43) හයවැනි කඩුල්ල සදහා ලකුණු 100 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවනීය තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ. මෙම තරගයට ජ්‍යෙෂ්ඨ පා දග පන්දු යවන ක‍්‍රීඩක මාලිංග බණ්ඩාර කැදවා තිබූ අතර වේග පන්දු යවන ක‍්‍රීඩක කනිෂ්ක ඇල්විටිගලට ස්ථානය අහිමිවිය. දෙපිල අතර තෙවැනි තරගය හෙට (31) කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. කුසල් ජනිත්ගෙන් වේගවත් පහරක්..



අදහස් (0)

ශ‍්‍රී ලංකා ‘ඒ‘ පිල දෙවැනි තරගයත් පරාජය වෙයි

harsha Sunday, 29 January 2012 08:50 PM

පොඩිඅය වෑඩිහිටියො අනුගමනය කරනව කියන එක හරියටම හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site