IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ත්‍රස්ත සංවිධානයකට බ්‍රිතාන්‍යයේ මුදල් එකතු කළ අයෙක් ගුවන්තොටේදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවෙන් පළා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා , මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයෙකු , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

43 හැවිරිදි මොහු කිලිනොච්චිය , උරච්චිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .ඔහු ඉකුත් 2009 වසරේ දී ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍ය වෙත පළා ගොස් , එරට පුරවැසිභාවය ලබා ගෙන තිබේ .

බ්‍රිතාන්‍යයේ දී ඔහු මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , එම මුදල් කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ , ක්‍රියාත්මක වෙමින් තිබූ එම සංවිධානයේ සාමාජිකයන් වෙත ලබා දීමට කටයුතු කර  තිබේ .

මේ පිළිබඳ පැමිණිළි කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබූ අතර , එම කොට්ඨාසයේ නිලධාරීන් 2012.05.31 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර , මොහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ .



අදහස් (5)

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත සංවිධානයකට බ්‍රිතාන්‍යයේ මුදල් එකතු කළ අයෙක් ගුවන්තොටේදී මාට්ටු

මලින් Sunday, 01 December 2024 02:14 PM

සන්හිඳියාවට බාධාවක් කියලා මෙයාව දැන් නිදහස් කරයි.

:       6       17

සමන් විමල්Sunday, 01 December 2024 05:56 PM

මලිත් ඔහු එය දන්නා නිසයි බිය නැතිව පැමිණියේ...

:       1       13

වික්‍රම විදුරMonday, 02 December 2024 07:08 AM

මලින්, සමන්, විමල්, නෑ... මිනිහා හිතුවේ එහෙම තමයි. හැබැයි ඉස්සරහට වැඩිය දැන් නීති තදයි. ඒකයි වුනේ.

:       1       1

ඩිලුම් වික්‍රම Sunday, 01 December 2024 07:34 PM

ලන්කාවේ ත්‍රස්ත ක්‍රියා නෑ… බෙදුම් වාදයත් නෑ.. ඒකයි හමුදා කඳවුරු ඉවත් කරන්නේ...! 

:       2       11

Bunny Preena Monday, 02 December 2024 10:19 AM

නමක් නැති පුද්ගලයෙක්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1678 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site