IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එළඹෙන මාස දෙක තුළ  අත්සන් තබනු ඇතැයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සඳහාද එළඹෙන මාස දෙකක කාලය තුළ සාකච්ඡා  ආරම්භ කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමේ සැලැස්ම ප්‍රධාන කොටසක් උතුරේ තිබෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීම තුළ රඳා පවතින බවත් එහිදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීම මගින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාව වෙත රැගෙන යා හැකි බවත් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ යෝජනාව මීට වසර 10 කට පමණ පෙර ඉදිරිපත් විය.පසුගිය වසරේ ඒ පිළිබඳ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නැවත ආරම්භ කරන ලදි.

වසර දෙකක හෝ තුනක කාලයක් තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් පිහිටුවීමට හැකි වුවහොත් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉන්දියාවට අලෙවි කළ හැකි බව මොරොගොඩ මහතා පෙන්වා දී තිබේ.



අදහස් (3)

ශ්‍රී ලංකාව-ඉන්දියාව බලශක්ති ගිවිසුමට අත්සන් කරන්න යයි

Chandima Thursday, 16 February 2023 10:40 PM

ඔන්න ඉතින් වැඩේ අනාගන්න වෙයි කියලා විකාර කියවනවා. ඕකේ දේශපාලකයෝ මිනිස්සුන්ට පේන්න බැහැ... ලංකාව, ඉන්දියාව, ජපානය එකතුවෙලා ලංකාවේ කර්මාන්ත පටන් අරන් ඒවා ඉන්දියාවේ ධනවත් 10%ක් ජනතාවට අලෙවි කරලා ඉන්දියාවේ සල්ලි පිටට අදින්න... රනිල්ලා, සෝල්හයිම්ලා ගිවිසුම් ගැහැව්වේ අද, ඊයේ නෙවෙයි. නමුත් පරහට හිටියේ බලශක්තිය... ඉන්දියාවෙන් රැහැන් ඇදලා ලංකාවට නුදුරින්ම තියෙන න්‍යෂ්ටික බලාගාර වලින් ඒ අඩුව පුරවන්න සැලසුම් කළේ අද ඊයේ නෙවෙයි. විදුලිය රට යවනවා කියලා බයිලා තමයි කියන්නේ.

:       0       0

swene Friday, 17 February 2023 05:20 AM

ඕවා කරන්නේ ලංකාවට වාසිවන විදිහටද? කරන ලද අධ්‍යයන මොනවද? උතුරේ පුන්ර්ජනනීය බලශක්ති විභවය ලංකාවට යොදාගන්න බැරිද? අපි ගල්අඟුරු වලට, තෙල්වලට කොතරම් වියදම් දරනවද? ජනාධිපති හිතෙන හිතෙන විධියට රට පාවාදෙනවා. විකුණනවා. කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැහැ...

:       1       0

Sam Friday, 17 February 2023 04:26 PM

අපොයි ඔව්. රටට ආදරේ පොරනේ... මේ අය කරන්නේම කොමිස්වලට පිටරටවල්වලට වාසිවෙන විදිහට රටේ සම්පත් විකුණන් කන එක තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site