IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක්

ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.

රටක උද්ධමනය සියයට 50 සීමාව පසු කළ විට එම රට අධි උද්ධමනය ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ හඳුවන්වති.

ශ්‍රී ලංකාවේ 2021 වසරේ ජූනි මස සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 වසරේ ජූනි මස වන විට සියයට 54.6 ක් දක්වා වැඩි වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේය.

එය ආසියාතික රටක වාර්තා වූ වැඩිම උද්ධමන අනුපාතය බව ඔහු පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් ලෝකයේ ඉහළම උද්ධමන අනුපාතයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් වීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ඔහු පැවසුවේය.එම රටවල් සියල්ලන්ගේම උද්ධමන අනුපාතය සියයට 50 ට වැඩි බව පැවසෙයි.

එක් මාසයක් සඳහා වසරින් වසර උද්ධමනය සියයට 50 සීමාව පසු කිරීමෙන් අදහස් වන්නේ 2021 වසරේ ජූනි මාසයේ සිට 2022 වසරේ ජූනි මස දක්වා මාස 12 ක කාලය තුළ භාණ්ඩ සහ සේවා මිල සාමාන්‍යයෙන් සියයට 50 කින් වැඩි වී ඇති බව යැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසර සමඟ සසඳන විට රුපියලේ වටිනාකම මාස 12 ක කාලය තුළ හරි අඩකින් පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා 2021 ජූනි මාසයේදී රුපියල් 25,000 මුදලක් වැය කළ පවුලක් එම අවශ්‍යතාම සපුරා ගැනීම සඳහා 2022 ජූනි මාසයේදී රුපියල් 50,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද ඔහු පැවසුවේය.

 



අදහස් (5)

ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක්

මැක්ස් Sunday, 17 July 2022 05:12 PM

සුබ සාධන රාජ්‍ය ව්‍යුහයට ආයුබෝවන් කියන්න කාලේ හරි. එසේම, වර්ජනම විනා වැඩක් කිරීම කෙරේ සිතන්නේ වත් නැති අපේ වෘත්තීය සමිති කාරයින්, අන්තර් විශ්ව විද්‍යාල කඩාකප්පල් කාරීන් ආදිය මෙල්ල නොකළොත් තවදුරටත් අපි බංකොලොත් වීම වළක්වනු බැරිවේවි. සිරිමල් මහාචාර්යතුමා නිතරම කියන පරිදි පාඩු ලබන සහ රටට බරක් වී ඇති ආයතනවලින් ද නිදහස් වීම පිළිබඳ වත් සිතීමට මේ අලුත් අවස්ථාව උපයෝගී කර ගැනීමට රජය කල්පනා කළොත් රට දිනුම්...

:       465       44

dumindaMonday, 18 July 2022 02:04 PM

එතකොට ගසාකාලා, හොරාකාලා මේ රට ලෝකයටම ණය කළේ මිනිස්සුද?

:       0       0

Kumara Sunday, 17 July 2022 07:05 PM

දැන් රට වැසියට බොහොම සතුටුයි...

:       3       11

70% Sunday, 17 July 2022 07:36 PM

විශ්ව විද්‍යාල නිදහස් අධ්‍යාපනයේ අවසානය..! චීවරයට කළ අපහාසය... දින සීයේ අරගලෙන් ඩොලර් නැවතුණු සංචාරක පැමිණීම... අරගල දූපතක් බවට ලද නම්බු නාමය... උද්ධමනය 70% තෙක් ඉහළ යන රට...

:       0       0

Perera Monday, 18 July 2022 10:24 AM

‘‘අධි උද්ධමන‘‘ කිව්වාම බොහොම ගාම්භීර බවක් හැඟෙනවා වචනයේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site