IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් සමාගමට අමාත්‍යවරයාගෙන් දැඩි අවවාද

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන්යානා දෙකක් කාර්මික දෝෂයන්ට ලක්වීම පිළිබද පරීක්ෂණ දෙක කඩිනමින් නිම කර පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ඉදිරියට මෙවැනි තත්වයන් නොවීමට කටයුතු කරන ලෙස වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (24) උපදෙස් දුන්නේය.

ඕස්ට්්‍රලියාවේ මෙල්බන් නුවරදී ගුවන්යානයේ පරිගණක පද්ධතියේ තිබු දෝෂයන් නිසා යානය මෙල්බන් ගුවන්තොටුපලේ රඳවා තබාගැනීමට සිදුවු බවත් එම සිද්ධිය පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකන් ගුවන්සේවය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.

එම පරිගණකයේ කොටස් නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වන විට කටයුතු කර තිබෙන බැවින් එම පරීක්ෂණ නිම වු පසු වාර්තාව ප්‍රසිද්ධ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි ගමනට යොදගත් ගුවන්යානාවේ අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇති වු ප්‍රශ්නයක් මත එම යානාව නැවත කටුනායක ගුවන්තොටුපල වෙත එවීමට සිදු වු බව ද සදඟන් කළේය.

 ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මෑතකදී  සිදුවු සිද්ධීන් පිළිබඳවත් එම අඩු පාඩු නිවරදි කර ගැනීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී අද (24) පෙරවරුවේ පැවැත්විණ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ පරිපාලනයත්, ඉංජිනේරු අංශයත්, සිවිල් ගුවන්සේවා අධිකාරියත්, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමත්, නියෝජනය කරමින් නිලධාරීහූ පිරිසක් සහභාගි වූහ.



අදහස් (12)

ශ්‍රී ලංකන් සමාගමට අමාත්‍යවරයාගෙන් දැඩි අවවාද

de silva Monday, 24 April 2023 05:39 PM

යානයක් කඩාවැටිලා, ජීවිත විනාශ වෙන්න කළින්... ඕක වහලා දාන්න. නැතිනම් විකුණලා දාන්න.

:       2       32

Kumara Monday, 24 April 2023 06:59 PM

ඔය කුණුගොඩ වලක් කපලා වහලා දාපන්...!

:       2       21

ravin Monday, 24 April 2023 07:19 PM

ඕකට පිළිතුර හොයාගන්න පුළුවන් වෙයි... ගුවන් යානා සෑහෙන පමාණයක් අලුතින් බදුගන්න වලිකන උදවියගෙන්ම අහන්නකෝ... හොරාගේ අම්මාගෙන් පේන අහන්නකෝ...

:       4       15

නිහාල් Monday, 24 April 2023 07:30 PM

දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ආයේ නම් බයවෙන්න දෙයක් නෑ.

:       1       11

NandalalMonday, 24 April 2023 08:57 PM

කල්බදු ක්‍රමයට අරගෙන පියාසර කරන නමට... ශ්‍රී ලංකන්ස් එයාර්ලයින්ස් කියන මේවායේ නඩත්තු කටයුතු බදුදුන් සමාගම් මගින් නොකරන්නේ මොකද?

:       0       0

පුරවැසියෙක්..... Monday, 24 April 2023 07:55 PM

ශ්‍රී ලන්කන් ආයතනය තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැත්තේ නම් කඩිනමින් සාර්ථක විදේශ ගුවන් සේවා ආයතනයකට ලබාදීමට පියවර ගත යුතුයි.

:       1       17

Jagath Monday, 24 April 2023 09:12 PM

ඒක විකුණන්න

:       0       0

නිමල් Monday, 24 April 2023 09:26 PM

බිම යන කෝච්චිවල ලෙඩේ උඩ යන ඒවටත් බෝ වෙලා වගේ

:       1       2

රාලහාමි Tuesday, 25 April 2023 12:15 AM

මගේ අම්මෝ උඩින් ගිහින් නිකම් මැරෙන්නේ මොනවාටද ? අනික ,ලංකාවට යන්න වෙන ගුවන් සේවාවන් තියෙනවා ශ්‍රී ලන්කන් එකට වඩා ලාබ. මේක සිරිපාලගේම ගේමක් කියලයි ගුවන් සේවයේ අය කියන්නේ.මිනිහා අලුත් ප්ලේන් 3 ක අවශ්‍යතාවයක් ගැන නොකියා කියනවාලු.අනිවාර්යයෙන්ම නියම ගැහිල්ලක් ගහයි. බෙහෙත් වගේ නොවෙයි මේ එයා බස් , සල්ලි සල්ලි ..සිරිපාලට පිහිනන්න සල්ලි.ජපනාගෙන් අල්ලස් ඉල්ලලා නා ගත්ත සිරිපාල මේ ගහන්න යන්නේ ඒ වගේ සිය ගණනක ගැහිල්ලක්. පැරිසියේ කරවල කඩේ කරන මල්ලිව ශ්‍රී ලන්කන් එකේ සභාපති කරන්න යන කතාවකුත් මේ දවස්වල පැරිසියේ ශ්‍රී ලාංකිකයින්ගේ තුඩ තුඩ රව්දෙනවා.එකත් වැරදි නැහැ...මහින්දට පුලුවන්වුනානම් අට පාස් මිනිහාගේ මස්සිනාව ශ්‍රීලන්කන් එකේ සභාපති කරන්න , ඕ ලෙවල් පාස්වෙලා කරවල කපන මල්ලිව ඔය සහාපති වැඩේට ගන්න සිරිපාලට බැරි මොකද ? මොනවාවුනත් මමනම් දන්නා දන්නා ඔක්කොටම,සුද්දන්ටත් එක්කම කියනවා ශ්‍රී ලන්කන් යානාවලින් ලංකාවටත්,ලංකාවෙනුත් යන්න එපා කියලා.

:       2       4

මහී Tuesday, 25 April 2023 07:46 AM

නිමල් උඹලාගේ දේශපාලන දෝශය නිසා රටම කඩා වැටිලා. ප්ලේන් නම් මොනාද නිමල්. අපේ බදු සල්ලි වලින් ජීවත් වෙද්දි සෝක් නේද නිමල්.

:       2       3

Rata Perata Tuesday, 25 April 2023 11:48 AM

නිදාගෙන හිටියෙ. ගුවන් යාන ගන්නකොට ලැබෙන කොමිස් එක ගැන හීනයක් දැකල ඇහැරිල ද මන්ද

:       0       1

විපරමා Tuesday, 25 April 2023 02:32 PM

හිටපු සබාපතියාත් පවුලේ එකෙක් මිසක් කිසිම උගත්කමක් සුදුසුකමක් නැති එකෙක්. පුලුවන් තරම් හොරකම් වන්චා දූෂණ කෙරුවා මිසක් ,කිසිම දෙයක් ගැන හෙව්වේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site