IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයි

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකන් කේටරින් සමාගමෙන් සහ ගුවන්තොටුපල මෙහෙයුම්වලින් සියයට 49ක කොටස් ආයෝජකයකු වෙත ප්‍රදානය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට පනස් එකක බහුතර කොටස් රජය සන්තකයේ තබා ගනිමින් සෙසු 49% එක කොටස් එලෙස ආයෝජකයකුට විකිණීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් මගින් ඒ පිළිබඳ තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි එම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයන් එක්ව සිටියහ.



අදහස් (17)

ශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයි

Prase Monday, 29 August 2022 01:29 PM

නියමයි ඔක තමයි රට ජනතාව ඉල්ලන්න වෙනස, වෘතීය සමිති වහා අහෝසි කරන්න

:       4       54

sisilMonday, 29 August 2022 05:18 PM

සියලු දේශපාලන යූනියන්ස් අහෝසිකර ආයතනය වෙනුවෙන් ක්‍රියාකරන දැනට යූනියන්ස් ක්‍රියාකාරීන් නොවන කණ්ඩායමකින් යූනියන්ස් ඇතිකරන්න.

:       1       14

fairoosMonday, 29 August 2022 06:33 PM

අන්තිමට හම්බවෙන ගාණත් අරගෙන නන්දසේන පැන්නා වගේ පනින්නයි තියෙන්නේ.. අනේ මෙහෙමත් කාලකණ්ණි..

:       5       6

Hafeel Monday, 29 August 2022 01:48 PM

එහමනම්, නැවතත් මෙයාට කොමිස් මුදලින් නාගන්න හැකි වේවි. තවත් කොමිසම් සභාවක් පත් කරන්න වෙනවා. ආයිත් නිදොස්කොට නිදහස්.

:       6       41

amila Monday, 29 August 2022 02:34 PM

යන්තම් ඇති දැන්වත් උසස් තත්වෙ සේවාවක් හම්බවෙයි. ළඟදි මම ගියා... අපෝ..! එපා වුණා. ඉඳගන්න සීට් ගැලවෙනවා. කෑම තියාගන්න ට්‍රේ වල පරණ ඉඳුල්.. ඒසී මදි. කෑම ගැන කතානොකර ඉමු. සීට් ඉරිලා. චෙකින් වෙන්නේ එක කවුන්ටර් එකයි ආපු රටේ ඉඳන්... පෝලිමේ ඉන්න ඕනෑ. කටාර්වලට හරි, එමිරේට්ස්වලට හරි දෙන්න. හෙඩ් සෙට් පරණයි. පොරවාගන්න රෙද්දක් දෙන්නේ නැහැ. ශ්‍රී ලංකන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ.

:       7       29

asankaMonday, 29 August 2022 03:08 PM

කටාර් හරි, එමිරේට්ස් හරි ඕක ගනී කියලා හිතනවාද?

:       3       17

amilaMonday, 29 August 2022 03:48 PM

දැන් මේ තියන තත්වෙත් එක්ක... අනේ මන්දා..? ගුවන් සේවක සේවිකාවෝ නම් පව් ඉතින්... එයාලගේ ඇඳුම් වුණත් පරණයි.. අවුට් ඔෆ් ෆැෂන්... ඇඳුමේ ඉඳලා ඔක්කොම වෙනස් වෙන්න ඕනෑ.. අලුත් වෙන්න ඕනෑ.

:       1       17

janahithaMonday, 29 August 2022 03:56 PM

එමිරේට් කිසි දිනක නැවත ලංකාවේ ආයෝජනයට එන්නේ නැහැ. නමුත් එතරා ලාංකික පිරිසක් මෙහි කර ඇති ආයෝජනනම් අදහා ගන්නත් බැරි තරම්.

:       0       15

emirataye apiMonday, 29 August 2022 04:02 PM

පෙට්‍රෝල් නැහැ ඩීසල් නැහැ ගෑස් නැහැ. එදා වේල කන්න නැහැ. රටේ ධනය කොල්ල කරුවන්ට දීලා දැන් ශ්‍රී ලංකන් එකේ හෙඩ්සෙට් නෑ. සීට් ට්‍රේවල පරණ ඉඳුල්. ඒසී හොයනව පුහ්.

:       9       14

මෝ Monday, 29 August 2022 03:31 PM

පතිරගේ උන්නැහේ ආවට, පස්සේ ලාබ ලබන්න ගත්තා කියලා ටික කලකට කලින් කියලා තිබුණා. දැන් ඕක සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මත් කමක් නෑ. පාඩු ලබන හැම ආයතනයක්ම පුද්ගලික අංශයට, දිය යුතුයි. හැබැයි ඒවාත් මොවුන් බොරු සමාගම් අටවගෙන ගනීද කියන එකයි බය. ජපන් සමාගගෙන් පගාව ඉල්ලපු එක්කෙනා අනික් සමාගම් වලින් නොඉල්ලා ඉන්න විදියක් නෑ. ඇරත් මේ නිදිමතයා කියලා තිබුණා ජනාධිපතිකමට වැඩිම සුදුස්සාත් තමන් කියලා.

:       1       24

janahithaTuesday, 30 August 2022 08:56 AM

එය කළයුතු නමුත් පසුබිමින් මෙහෙයවන අය විශාල කොමිස් මුදල් මිලියන ගණන් ලබාගන්නවා. ආයෝජකයන් එන්නේ නැහැ.... අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු නායකයාගේ පවුලේ අය තවම ඉන්නවා... පතිරගේ මහතාට කළහැකි සීමාවල් තියෙනවලු. සියලු ආදායම්, කොමිස් හිටපු අය ගන්නවලු. ජනතාව කළ යුත්තේ සොරුන් බලයෙන් පහ කිරීමට පෙරමුණ ගැනීමය.

:       0       0

Shashika519 Monday, 29 August 2022 06:41 PM

පාඩුලබන කම්පැණියක ආයෝජනය කරන්නේ එක්කෝ මෝඩයෙක්.. නැත්නම් ලොකූ හොරෙක්.. සිරිපාලට තව කාලයක් නිදාගෙනම ඉන්න පුළුවන්..

:       0       10

පුරවැසියෙක්..... Monday, 29 August 2022 07:32 PM

පසුගිය කාලයේදී ශ්‍රී ලන්කන් ආයතනයෙහි පාලකයින් ලෙස කිසිඳු දැනුමක් නැති අය (රට පාලනය කළ අයගේ ඥාතීන්) පත්කිරීමද මෙම ආයතනය පාඩු ලබන තත්ත්වයට පත්වීමට හේතු විය. එමිරේට්ස් ආයතනය මගින් ලාබ ලැබූ මෙම ආයතනය අද වනවිට බිලියන ගණනක පාඩුවක් ලබන තත්ත්වයට පත්ව ඇති බැවින් මෙමබර තවදුරටත් රටේ ජනතාව මත නොපටවා Srilankan එයාර් ලයින්ස් ආයතනය ඉතා කඩිනමින්ම පෞද්ගලීකරණය කිරීමට පියවර ගත යුතුයි...

:       1       0

chandima Monday, 29 August 2022 07:56 PM

තවම කැබිනට් එකේ ඉන්නේ කළින් රටට කෙළවපු කටිට්යමයි..ඉතින් ලොක්කා වෙනස් වුණාට පරණ කට්ටියටම මේවා ගැන තීරණ ගන්න දීලා වැඩක් වෙයිද?

:       0       0

Lalindra Tuesday, 30 August 2022 09:38 AM

කේටරින් සහ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ලාභ ලබනවා, ඒවා වෙන වෙනම විකුණන්න අවශ්‍ය නැහැ.

:       0       0

K L L Fernando Tuesday, 30 August 2022 10:22 AM

ආනන්ද පාලිතවත් පෞද්ගලීකරණය කරන්න බැරිද?

:       0       0

sam Tuesday, 30 August 2022 04:56 PM

ඕක ලාබ ලබද්දී එමිරටේස් එකෙන් පුද්ගලින වාසියට සහ නූගත්කමට රජයට පවරාගෙන පාඩු ගෙනෙන තත්වය නෑදෑයින් ලොකු පුටුවලට දමපු මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික මුදලින් අලාභය පියවාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site