ශ්රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජාව එක්ව කරන සමාජ ක්‍රියාකාරකම් සඳහා වසරක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි සාමාජිකයන් දස දෙනෙකුගෙන් යුතු උත්තරීතර කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා පියවර ගෙන තිබේ. මෙම කමිටුවේ ධුර කාලය 2016 වසරේ ජූනි 20 වැනිදායින් ආරම්භ විය.
මෙම උත්තරීතර කමිටුවේ සාමාජිකයන්ට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම ජූනි 22 වැනිදා සවස 6 ට තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැති චාම් උත්සවයකදී සිදුකෙරෙනු අතර එම අවස්ථාවට තානාපති කාර්යාලයේ නිලධාරීන් රැසක් සහභාගි විය. එහිදී උත්තරීතර කමිටුවේ සාමාජිකයන් විසින් තමන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පක්ෂපාතී වන බවට වූ දිවුරුමක්ද ලබාදුන්නේය.
දැනට ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කමිටුවේ සභාපිතවරයා ලෙසින් කටයුතු කරන ටෙනිසන් ද සිල්වා මහතා අලුතින් ස්ථාපිත කරන ලද උත්තරීතර කමිටුවේ පළමු සභාපතිවරයා ලෙසින් පත්කර කර ඇති අතර නිමල් තුඩාවේවත්ත, අමීරුදීන් මවුලානා, මහේෂ් අභයපාල, ලක්මාල් ඇහැළමල්පේ, රොෂාන් බාලසූරිය, ලෙනී ක්‍රැමර්, ධම්මික ජයසේන, ඒ. ආර්. එම්. මුස්තාක් සහ පැන්ටලියන් පෙරේරා යන මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරයි.
කටාර් හි සහ අප මවුබිමේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ යහපත සහ සුබසාධනය උදෙසා සිදුකර ප්‍රජා කටයුතුවලිදී උත්තරී කමිටුව සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ශ්රී ලාංකික ප්‍රජා ක්‍රියාකාරකම් නිරීක්ෂණයට දස පුද්ගල උත්තරීතර කමිටුවක් පත්කෙරේ