(යොහාන් භාසුර)
විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා අද (28) පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනාවට වැරදිකරු වූ වී කුවේට්හි ඊයෙ (27) එල්ලා මැරූ ශ්‍රී ලාංකිකයා සතුව තිබිණි අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝඑකහමාරක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් තිබී එරට ආරක්ෂක අංශ සොයා ගෙන ඇති බවත් අදාළ පුද්ගලයා 2019 වසරේ අත්අඩංගුවට ගෙන ඇති බවත් යාපා මහතා කීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී 2016 වසරේ ගෘහ රියැදුරකු ලෙස මෙම පුද්ගලයා කුවේට් රැකියාවට ගොස් ඇති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ දේහය එප්පාවල පිහිටි ඔහුගේ මව පදිංචිව සිටින නිවසට භාරදීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලාංකිකයන් 115 ක් මත්ද්‍රව්‍ය චෝදනාවට කුවෙට් හිරගෙදර
සමිත සේනක අලුත්ගමගේ. Friday, 28 July 2023 04:56 PM
මිනිහෙකුගේ මරණයක් සම්බන්ධයෙන් සංවේදී හිතකට දුකක් දැනෙනවා. ඒත්, කුඩු මත්ද්‍රව්‍ය හා හොර මැරකම්වලට නිසි පරිදි දඬුවම් දීමට පියවර ගත යුතුමයි. රටක් හැදෙන්න විනයක් නීතියක් අවශ්‍යමයි. ඒත් මේ රටේ දේශපාලකයින් මේ තරම් වැරැදි කරලත් ඒ අයට දඬුවම් දීමට බැහැ. ඒ තමයි මේ රටේ හැටි...
සමන් Friday, 28 July 2023 06:10 PM
ඇයි ලංකාවේත් මේ විදිහට දඬුවම් දෙන්න බැරි කුඩ්ඩන්ට...? අපේ වියදමින් මේ තක්කඩි නඩත්තු නොකර...!
NathalieSaturday, 29 July 2023 11:18 PM
ඉතින් මහ උන්මනේ කුඩු ගේන්නේ... කොහොමද ඔවුන්ව අල්ලන්නේ?
MACK Saturday, 29 July 2023 11:33 AM
කරුණාකර මරණීය දණ්ඩනය නියම කරන්න.
කිරිපුතා Saturday, 29 July 2023 05:13 PM
ලංකාවේ දාන වෙට්ටු නීීති තියෙන රටවල දාන්න ගියාම එහෙම තමයි. අහිංසක විදිහට තමන්ගේ රැකියාව කරගෙන කීයක් හරි හොයාගෙන ආවා නම් ස්වභාවිකව මැරෙනතුරු ඉන්න තිබුණා... මේවා සමාජ පණිවිඩ...!