IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී පාද වන්දනා වාරය හෙටින් අවසන්

(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ )

ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින හෙට (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක ,පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

වෙසක් පොහෝ දින (05) ශ්‍රි පාද උඩ මළුවේ පිංකම් රැසක් පවත්වන බවත්, ඉන් අනතුරුව (06) දින අලුයම ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත්,නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ, නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සෙත් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ සඳහන් කළහ.

ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා මාර්ග කිහිපයක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ (06) දින රාත්‍රියේ ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථාන දක්වා වැඩම කර එදින රාත්‍රියේ පුරාණ චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (07) දින අලුයම සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.



අදහස් (1)

ශ්‍රී පාද වන්දනා වාරය හෙටින් අවසන්

randil dunuwille Thursday, 04 May 2023 11:34 AM

මෙදා පාර අවාරෙ යන්න තහනම් කලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site