IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රීලනිප නිර්මාතෘ සමරයි

විජාතික බලවේග යටත්ව විජාතීකරණය වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ  දේශීයත්වය මතු කිරිමට අවශ්‍ය පරිසරය සකස් කළ හිටපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා පක්ෂ විපක්ෂ භේදවලින් තොරව අනුස්මරණය කළ යුතු නායකයෙක් බවත් එතුමාගේ 117 වැනි ජන්ම දින සැමරුම් අනුශාසනාව පවත්වමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී නැදගමුවේ විජයමෛත‍්‍රී හිමියෝ පැවසූහ.

රටේ කවුරුත් අගය කළ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ හැකි වටපිටාවක්  ඇති කිරීම ජනාධිපතිතුමන්ගේ වගකීමක් බව ද උන්වහන්සේ සඳහන් කළහ.

හිටපු අග‍්‍රාමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 117 වැනි ජන්ම දින සැමරුම් උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, ගාලූ මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අසල දී අද (8) පැවැත්විණි.

බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ,සුනේත්‍රා කුමාරතුංග ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට  සහභාගී වුහ.

GLA_3572 GLA_3609 GLA_3661 GLA_3681 GLA_3703



අදහස් (0)

ශ්‍රීලනිප නිර්මාතෘ සමරයි

රාධා Friday, 08 January 2016 02:49 PM

දඹරාවේ රතනසාර හාමුදුරුවෝ කාටවත් මතක නැත්ද ? (ස)

:       0       0

සේන Friday, 08 January 2016 10:26 AM

අහෝ මෙහෙම විහිළුවක් . රනිල් හා එජාපෙ හා ගැට ගැහුණු මෛත්‍රී ගෙන් බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඉල්ලීම මොන මෝඩ කතාවක්ද ? බටහිරට ගැති පාලනයක් දැන් ඇවිත් තිබෙන්නේ .(බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 January 2016 11:45 AM

පසුගිය කාලයේ නම් සමහරු බණ්ඩාරනායක නම මකලම දාන්න උත්සාහ කළා නේද? (කෞ)

:       0       0

සේනක Friday, 08 January 2016 12:23 PM

56 දරුවන්ගේ නියෝජනයක් නැති ගානයි. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site