IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශිරෝමි රඟපාන්නත් කැමැත්තෙන්

20160314-new-pic-302

20160314-new-pic-309සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුජාතා" ටෙලිනාට්‍යයේ තේමා ගීත ගායනා කරමින් බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින ශිරෝමි රත්නායක සිරස "සුපර් ස්ටාර්" හයවැනි අදියරය හරහා සංගීත ක්ෂේත්‍රයට එක්වූ අයෙකි. පසුගියදා ඇයගේ කුලුඳුල් ගීත රූප රචනාව වූ "ඔයා හැරෙන්නට" එළිදක්වනු ලැබීය. එම ගීත රූප රචනාව සඳහාද රංගනයෙන් දායක වූ ශිරෝමි රංගනයටද ඉදිරියේදී එක්වීමට කැමැත්තෙන් සිටියි. මේ ඒ පිළිබඳව හා සිය අලුත්ම කලා කටයුතු පිළිබඳව ශිරෝමි අපට පැවසුවේ මෙසේය.

"ඔයා හැරෙන්නට" ගීතය මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් හා රූප රචනාවක් වෙලා තියෙනවා. ඇත්තටම මම බලාපොරොත්තු නොවුණ ආකාරයේ රසික ප්‍රතිචාර මගේ ගීතයට ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් මගේ ගායන හැකියාවටත් වඩා රංගන හැකියාව පිළිබඳව කතා කරනවා. ඒ අතරින් බොහෝ පිරිසක් කියන්නෙ රංගනය පැත්තටත් යොමුවෙන්න කියලා. දැනටත් ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා රංගනය පැත්තට එන්න කියලා. මටත් ආසාවක් තියෙනවා ඒ පැත්තට යොමු වෙන්න. ඒත්, දැනට මම මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙන නිසා ඒ පැත්තට යොමුවෙන්න වෙලාවක් නැහැ. දැනට මම ඉන්නෙ මගේ අධ්‍යාපන කටයුතුවල අවසන් අදියරේ. ඒනිසා ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වේවි කියලා හිතනවා. තව මගේ අලුත් ගීතයක් මේ මාසේ අන්තිමට වගේ එළිදක්වන්නත් කටයුතු යොදාගෙන තියෙනවා. හිතනවා "ඔයා හැරෙන්නට" ගීතයට ලැබුණ රසික ප්‍රතිචාර මේ අලුත් ගීතයටත් ලැබේවි කියලා."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - ලයාල් එදිරිසිංහ

 

20160314-new-pic-301
20160314-new-pic-303
20160314-new-pic-304
20160314-new-pic-305
20160314-new-pic-306
20160314-new-pic-307
20160314-new-pic-308
20160314-new-pic-310

 



අදහස් (0)

ශිරෝමි රඟපාන්නත් කැමැත්තෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site