හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට බලපාන අයිතිවාසිකම් පෙත්සම් හතරක් සහ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.
සලීම් මර්සුෆ්, චන්ද්‍රා ඒකනායක, සත්‍ය හෙට්ටිගේ, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලෙනු ඇත.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කළ තේරීම් කාරක සභාව නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ද මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට යොදාගත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ආ) නීතියට පටහැනි බැවින් එම පත් කිරීම බල ශූන්‍ය කිරීමට නියෝග කරන ලෙස ද ඉල්ලා මහින්ද ජයසිංහ, ජානක අධිකාරී, චන්ද්‍රගුප්ත තේනුවර හා නීතීඥ එල්මෝ පෙරේරා මහත්වරු විසින් මෙම අයිතිවාසිකම් පෙත්සම් හතර ගොනු කර ඇත.
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණ නිකුත් කළ රීට් ආඥාව ඉවත දමන ලෙස ඉල්ලා නීතිපති විසින් ඉතිරි අභියාචන පෙත්සම ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරාණිගෙ පෙත්සම් හතරක් විභාගයට
රෝහණ Monday, 15 July 2013 06:45 PM
මේක සිරිලංකාවනේ (නි)
රසික Monday, 15 July 2013 07:12 PM
ප්‍රවාත්ති වෙන්කරලා පල කරනවා නම් ගොඩක් හොදයි. කැමති අයට නරක ප්‍රවෘත්ති බලන්ඩත්, කැමති අයට හොද ප්‍රවෘත්ති බලන්ඩ පුළුවන් විදියක් ක්‍රියාවට නංවන්න කියලා ලංකාදීපයෙන් ඉල්ලා සිටිනවා. උදාහරණයක් ලෙස අපරාද , දේශපාලන, ධනාත්මක, සංවර්ධන ලෙස වර්ග කරන්නේ නම් වටිනවා (නි)
සාගර Tuesday, 16 July 2013 10:30 AM
කල කම් පස්සෙන් එනවා. (අ)
ශාන්ත- ටැන්සානියා Monday, 15 July 2013 11:35 PM
ශ්‍රීලංකාව අසිරිමත් වෙලා ඉවරයි දූෂිත දේශපාලනය නිසා.(නදී)
උපාලි Tuesday, 16 July 2013 01:34 AM
ඉතාම වැදගත් නඩුවක්. පරමාධිපත්‍යය, පාර්ලිමේන්තු උත්තරීභාවය ආදිය ගැන පට්ට ගහපු වචන කොයිතරම් වලංගුද කියල බලමුකෝ. (නදී)
පෙරේරා Tuesday, 16 July 2013 04:02 AM
නඩුවලට මොකක් වෙයිද කියලා මම නම් දන්නවා.(නදී)
පැහැසර - ජාඇළ Tuesday, 16 July 2013 06:46 AM
ඇත්තටම අද නීතිය ගැන කටත් විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ සෙල්ලම් කරපු නීතිය දැන් ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරනවා. මේ රටේ නීතිය එක්ක සෙල්ලම් කරන හැමෝටම මේ දේවල් පොදුයි (නි)
පැහැසර - ජඇල Tuesday, 16 July 2013 06:59 AM
සමාවන්න මගේ අදහස මම ඉල්ලලා අස්කර ගන්නවා. එකේ මම දාපු හොදම ටික නැහැ (අ)