IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ශමීර රංගන නාඔටුන්නගේ 6 Miles

ලංකාවට තිස්වසරක කුරිරු යුද්ධයක භීෂණය අවසන්ව වසර හතක් ගතව ඇත. මේ ඒ යුද්ධය සම්බන්ධ කෙටි චිත්‍රපටයකි. එහි ගැබ්වෙන්නේ එක් පණිවුඩයකි. ඒ රටක් යුද්ධයකින් ඇවිලෙන විට එයින් හානිවන්නේ ජාති ලෙස වෙන්ව ඇති එක් ජන වර්ගයකට නොව පොදුවේ සියළු සත්වයින්ට යන්නය. මෙම කෙටි චිත්‍රපටයද කියන්නේ එම දුක්ඛිත කතාන්දරයයි. මෙය නිර්මාණය කරන්නේ මේ දිනවල කතා බහට ලක්වන චරිතයකි. ඒ ශමීර රංගන නාඔටුන්න වෙයි. මේ දිනවල තිරගත වන මෝටර් බයිසිකල් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ඔහු කාර්යබහුල තත්ත්ව යටතේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

“මේ කතාව දුවන්නෙ ගමකට එන බස් රථයක් වටායි. එය කියන්නේ යුද්ධය ගැනයි. යුද්ධයෙන් සෑම ජනවර්ගයකම සෑම මිනිසාම පීඩා විඳින බව මෙය දුටුවාම ඔබට වැටහේවි. මේ කතාව අවසන් වන්නේත් ඒ බසයෙන්. මෙහි සිටින සෑම මිනිසෙකුට තමන්ට අනන්‍ය ප්‍රශ්න තියෙනවා. එහෙත් මේ පොදු ප්‍රශ්නය ඊට වඩා බරපතලයි.”

 නිර්මාණය අවසානයේ ඔබට වැටහෙන සත්‍යය තේරුම්ගන්නට නොහැකිව ජාති බේද අවුළුවාගෙන යළිත් එවන් විනාශයකට අර අදින දේශපාලකයන්ගේ අවශ්‍යතා ඔබ තේරුම් ගත යුතුය.

රංගනය -

අනූසා දිසානායක / ඉන්ද්‍රානි චන්ද්‍රලතා / පුස්ප රාජා / නෙලුම් කුමාරි / කරුණාරත්නම් / පියල් අබේකෝන් / වසන්ත මුහන්දිරම් / හිරුනි කෞෂානි / මොහොමඩ් සියාත් / නිමේෂා කෞෂානි / නෙතුමි නෙත්සරා

කැමරා අධ්‍යක්ෂණය -

කපිල සුගත් විජයරත්න

සංස්කරණය -

තිස්ස සුරේන්ද්‍ර

සංගීත අධ්‍යක්ෂණය -

නදීක ගුරුගේ

විශේෂ ප්‍රයෝග -

හේමජිත්




අදහස් (0)

ශමීර රංගන නාඔටුන්නගේ 6 Miles

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 545 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site